Sunday, May 19, 2024

General line - 0115112241

ඉන්දියාව ගැන ශ්‍රී ලංකා රජයේ විශ්වාසය 




එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මෙවර සැසිවාරයේදී ඉන්දියාව අසාධාරණයේ කොටස්කරුවන් නොවනු ඇතැයි ශ්‍රී ලංකා රජය පවසනවා.
 
ශ්‍රී ලංකාවට එරෙහිව රටවල් 06 ක් ඉදිරිපත් කළ යෝජනාවලිය සම්බන්ධයෙන් ඉන්දියාව සිය ස්ථාවරය මෙතෙක් ප්‍රකාශයට පත්කර නැහැ. 

ඒ සම්බන්ධයෙන් අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මෙලෙස අදහස් පළ කළා. 

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනාවට එරෙහිව චීනය හා රුසියාව ඇතුළු රටවල් රැසක් පෙනී සිටි බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. 


මේ අතර ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මූලස්ථානය ඉදිරිපිට දී ඊයේ විරෝධතාවක නිරත වුණා. 

එය සංවිධාන කර තිබුණේ යුරෝපයේ සිටින කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාවේ සාමාජිකයින් විසින්.