Sunday, May 19, 2024

General line - 0115112241

"කෘඩියා සිලනිකා" ගස ගැන තීරණය ගතයුත්තේ ජනතාව - රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා




මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී මතභේදයට තුඩු දී ඇති කෘඩියා සිලනිකා ගස එම ස්ථානයේම තබා සැලසුම වෙනස් කිරීමට ලක්ෂ 80,000 ක් පමණ වැය වන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා පවසනවා.

මේ සඳහා වැයවන්නේ ජනතාවගේ බදු මුදල් නිසා ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ගය පිළිබදව ජනතාව තීන්දු කළ යුතු බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ (04) දින අනුරාධපුර දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමේ අවස්ථාවකට සහභාගී වෙමින්.

මේ පිලිබඳ වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා

 “මධ්‍යම අධිවේගී මාර්ගය හදාගෙන යද්දී  දුර්ලභ කෘඩියා සිලනිකා නම් ගස හමුවුනා. රටේ ජනතාව ඉල්ලනවා ගහ ආරක්ෂා කරන්න කියලා. ජනතාවට ඇහුම්කන් දීලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කැබිනට් ඇමැතිතුමා, අපි සියලු දෙනා කටයුතු කරනවා. මේ මහජනතාවගේ මුදල්. මේ සැලැස්ම වෙනස් කිරීම කලහොත් බිලියන අටක් ජනතාවගේ මුදල් වැයවෙනවා. මේ ගහ ගලවලා වෙනත් තැනක සිටුවන්න පුළුවන් කියලා පරිසර සංවිධාන එක් වෙලා කියලා තියෙනවා. නමුත් අපට ඒ කටයුත්ත කරන්න බැහැ. ඒ ගස හොල්ලන්න එපා කියලා විශාල සමාජ මතයක් තියෙනවා. එහෙමනම් ලක්ෂ 80,000 ක්  වියදම් කරලා සැලැස්ම වෙනස් කරන්න අපට සිදු වෙනවා. මේ ජනතාවගේ සල්ලි නිසා ජනතාව තීන්දු කරන්න ඕන මොකක්ද කරන ඕන කියලා. ගස එහෙම්ම තියලා සැලැස්ම වෙනස් කරන්න අපි මේ වන විට සාකච්ජා කරගෙන යනවා. ඒ පිළිබඳව අවසන් තීන්දුවක් තවම අරගෙන නැහැ.