Sunday, May 19, 2024

General line - 0115112241

කොවිඩ් මෘතදේහ භූමදානය අද සිට - මෘතදේහ 02 ක් නැගෙනහිර පළාතේ තෝරාගත් භූමියකට රැගෙන යයි




කොවිඩ් -19 වෛරසය ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ සිරුරූ භුමදානය කිරිම අද සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව කොවිඩ් වෛරසය ආසාදනය වී මියගිය පුද්ගල මළ සිරුරූ දෙකක් මඩකලපුව, ඕට්ටමාවඩි ප්‍රදේශයේදී අද දිනයේ භූමදානය කිරිමේ කටයුතු සිදුකර තිබෙන අතර තවත් මළ සිරුරූ 05ක් අද දිනයේදී භූමදානය කිරිමට නියමිත බවයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.

කොවිඩ් ආසාදිතව මිය යන පුද්ගලයින්ගේ සිරුරූ භූමදානය කිරීම සඳහා වන මාර්ගෝපදේශ මාළාව පසුගියදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා ගේ අත්සනින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

කොළඹ අධිකරණ වෛද්‍ය අධිකාරී කාර්යාලය සහ වැලිකන්ද මුලික රෝහලේ සිට කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයින්ගේ මළ සිරුරූ භූමදානය කිරීම සඳහා රැගෙන යාම සිදුකරනු ලබනවා.

කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයින් ගේ සිරුරූ දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයකට යටත්ව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්ගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ සිදු කෙරෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.