Friday, May 3, 2024

General line - 0115112241

ගුවන් හමුදා පාපැදි සවාරිය ඇරඹෙයි (PHOTOS)




22 වෙනි ගුවන් හමුදා පාපැදි සවාරිය මීට නොබෝ වේලාවකට පෙර ආරම්භ වුණා. ඒ, කොළඹ පිහිටි ගුවන් හමුදා මුලස්ථානය අසලින්. මෙවර ගුවන් හමුදා පාපැදි සවාරිය අංශ 02 කින් සන්විත වනවා. ඒ අනුව කිලෝමීටර් 147ක දුරකින් යුක්ත පිරිමි අංශයේ තරගය කොළඹ සිට කුලියාපිටිය හරහා කටුනායක දක්වා ක්‍රියාත්මකයි.

කාන්තා අංශයේ තරගය ඒකළ සිට ආරම්භ වී පන්නල හරහා මිගමුව, කටුනායක දක්වා ක්‍රියාත්මක වනවා. එහි දුර ප්‍රමාණය කිලෝමීටර් 78 ක්.  මෙම 22 වෙනි ගුවන් හමුදා පාපැදි සවාරිය සංවිධාන කෙරෙන්නේ 70 වන ගුවන් හමුදා සංවත්සරයට සමගාමිවයි. මෙහි නිල අනුග්‍රාහකයින් ලෙස පීපල්ස් ලිසිං සමාගම, සංවර්ධන ලොතරැයි මණ්ඩලය සහ මයි කෝලා කටයුතු කරනවා. මෙවර පාපැදි සවාරියේ නිල රේඩියෝ අනුග්‍රහය නෙත් එෆ් එම් රේඩියෝවෙන්.