Saturday, May 18, 2024

General line - 0115112241

රංජන් සහ හර්ෂණට සෙල්ෆි ගන්න ඉඩදුන් ජේලර් ගේ වැඩ තහනම් 




පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රන්ජන් රාමනායක සහ හර්ෂණ රාජකරුණා බන්ධනාගාරය තුළදී සෙල්ෆි ඡායාරූපයක් ගත් සිද්ධියට අදාළව අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයාගේ වැඩ තහනම් කර තිබෙනවා. සිරදඬුවම් විඳින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ සුවදුක් බැලීමට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා ඊයේ අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයට ගොස් තිබුණා. වැඩතහනම් කළ ප්‍රධාන ජේලර්වරයා සෙල්ෆි ඡායාරූප ගැනීමේ සිද්ධියට වගකිව යුතු බවයි අද පැවති මාධ්‍ය හමුවකදී බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය කියාසිටියේ.

සිරදඩුවම් විදින රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාටද මේ පිළිබද දැනුවත් භාවයක් තිබුණේ නම් ඔහුට එරෙහිවද නීත්‍යානුකූලව පියවර ගන්නා බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේදී සෙල්ෆි ඡායාරූප ගැනීම සහ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදීද අද අදහස් පළ කෙරුණා. ඒ පිළිබදව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර අතර ඇති වූයේ මෙවන් සංවාදයක්.

මේ අතර සිරදඩුවම් විදින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අද පුවත්පත් මණ්ඩලයට කැඳවා තිබුණා. ඒ, ඔහු විසින් පුවත්පතකට එරෙහිව ගොණුකර තිබූ පැමිණිල්ලක සාක්‍ෂි විමසීම සදහායි. සාක්‍ෂි ලබාදීමෙන් අනතුරුව රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා බිම ඇද වැටුණු අතර පසුව බන්ධනාගාර නිලධාරීන් ඔහු බන්ධනාගාර බස් රථයට නංවාගෙන එම ස්ථානයෙන් පිටව ගියා.