Saturday, May 18, 2024

General line - 0115112241

නීති විරෝධීව ධීවර මෙහෙයුම්වල නිරතව සිටින ලාංකික බහුදින ධිවර යාත්‍රා 18 ක් හඳුනාගනී




ජාත්‍යන්තර මුහුදු සීමාව තුළ බලපත්‍ර නොමැතිව නීති විරෝධීව ධීවර මෙහෙයුම්වල නිරතව සිටි බව කියන ශ්‍රී ලාංකික  බහුදින ධිවර යාත්‍රා 18 ක් හඳුනාගෙන ඇති බවත් එම යාත්‍රාවල නිරත ධීවරයන් පිරිසට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවත් ධීවර දෙපාර්තමේන්තුවේ මිරිස්ස ධීවර පරික්ෂක කාර්යාලය පවසනවා.

ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝනය කරමින්  බලපත්‍ර නොමැතිව ධීවර මෙහෙයුම් කටයුතු වල නිරත වන බවට ලද තොරතුරක් මත  ශ්‍රී ලංකා නාවික හමුදාවේ  විශේෂ කණ්ඩායමක් මඟින් පසුගිය දෙසැම්බර්  28 සිට මාර්තු  8 දින දක්වා  සිදුකළ  විමර්ශනයකදී මෙම තොරතුරු  අනාවරණය වී තිබෙනවා.

එහිදී  බහුදින ධීවර යාත්‍රා 18 ක් හඳුනාගෙන ඇති අතර එම සියලුම යාත්‍රා වැලිගම මිරිස්ස ප්‍රදේශයට අයත් බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ධීවර දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.