Saturday, May 18, 2024

General line - 0115112241

කටුනායක ගුවන් තොටුපළේ මගී ගුවන් යානා මෙහෙයුම් තවදුරටත්




මගී  ගුවන් යානා 31 ක පැමිණි ගුවන් මගීන් 1,874 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් අද (10) දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාළය තුළ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ විසින් සළසා දී තිබූ බව එම ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළා.

ඒ අනුව මගී ගුවන් යානා 14 කින් ගුවන් මගීන් 978 දෙනෙකු මෙම කාළසීමාව තුළ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

ඒ අතර කටාර් රාජ්‍යයේ දෝහා සිට ගුවන් යානා 02 කින් 185 දෙනෙකු පැමිණ සිටියා.

මෙසේ ගුවන් තොටුපළ වෙත පැමිණි ගුවන් මගීන් පිරිස නීරෝධායන ක්‍රියාවලිය සදහා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සංචාරක හෝටල් වෙත රැගෙන ගොස් තිබෙනවා.

එසේම ගුවන් මගීන් 896 දෙනෙකු ගුවන් යානා 17 කින් විදේශ රටවල් බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණා.

ඒ අතර සෞදි අරාබියේ රියාද් වෙත 167 දෙනෙකු ද , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත 165 දෙනෙකු ද සිටි බවයි අප ගුවන්තොටුපල වාර්තාකරු ප්‍රකාශ කළේ.

එමෙන්ම මෙම කාළසීමාව තුළ ජර්මනිය , පෝලන්තය , ඕස්ට්‍රේලියාව ,ඊජිප්තුව , පිලිපීනය , නෙදර්ලන්තය සහ යුක්‍රේනය යන රට වලින් ශ්‍රී ලංකාවේ සංචාරය සදහා විදේශිකයන් 72 දෙනෙකු ද පැමිණ සිටි බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් සඳහන් කළා.