Saturday, May 18, 2024

General line - 0115112241

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි 

අධිකරණ වාර්තාකරු




දෙමටගොඩ ප්‍රදේශයේ දී තරුණයකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැර ගෙන ගියේ යැයි කියන සිද්ධියට චෝදනා ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගැනීමට කොළඹ මහාධිකරණය අද වරෙන්තු නිකුත් කරන ලදී.

ඒ ඇයට එරෙහිව පවරා ඇති නඩුව අද දින අධිකරණයේ කැඳවූ අවස්ථාවේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙනි .

මෙම නඩුව යළි ජූනි මස 17 දා කැඳවීමට නියමිතය.