Saturday, May 18, 2024

General line - 0115112241

හිරුණිකා අධිකරණයට පැමිණෙයි




කොළඹ මහාධිකරණය විසින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, එම නියෝගය නිකුත් කිරීමෙන් ස්වල්ප මොහොතකට පසු අධිකරණයේ පෙනී සිටියා.

තමාට එරෙහිව නිකුත් කළ වරෙන්තුව ආපසු කැදවන ලෙසට ඉල්ලීමක්, ඇයගේ නීතිඥවරයා විසින් මෝසමක් මාර්ගයෙන් මහාධිකරණයේ දී සිදු කිරීමට නියමිතයි .

දෙමටගොඩ ප්‍රදේශයේ දී තරුණයකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැර ගෙන ගියේ යැයි කියන සිද්ධියට අදාළ නඩුව අද පෙරවරු 10 ට පමණ කැඳවූ අවස්ථාවේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අධිකරණයේ පෙනී නොසිටි අතර එම අවස්ථාවේ ඇය වෙනුවෙන් නීතිඥවරයෙකුද පෙනී නොසිටි බවයි අප අධිකරණ වාර්තාකරු ප්‍රකාශ කළේ.