Saturday, May 18, 2024

General line - 0115112241

පාස්කු ඉරිදා ප්‍රහාරයට සහරාන් මෙහෙයවුයේ "නවුෆර්" - මහජන ආරක්ෂක ඇමති විශේෂ හෙළිදරව්වක් සිදුකරයි 




පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සහරාන් හෂීම් මෙහෙයවීමේ කටයුතු සිදුකර ඇත්තේ කටාර් රාජ්‍යයේදී අත්අඩංගුවට ගනු ලැබූ මොහොමඩ් ඊබ්‍රාහිම් මොහොමඩ් නවුෆර් යන අය බව මෙහිදී මහජන ආරක්ෂක අමාත්‍යවරයා පවසා සිටියේ.

" සහරාන් පළමුව සිදුකලේ 2017 වර්ෂයේ අලියාර් ප්‍රදේශයේදී. ඒ විරුද්ධ ආගමික මතවාදයක් දරන පිරිසකට ප්‍රහාරයක් එල්ල කරමින්. එම ප්‍රහාරයෙන් පසුව පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදුකළ තැන දක්වා ඔහු සමග සම්බන්ධකම් පැවැත්වූ පිරිස් සහ සංවිධාන සම්බන්ධයෙන් බුද්ධි අංශ විමර්ශනය සිදුකළා. එහිදී සොයා ගත්තා වසර ගණනාවක් කටාර් රාජයේ සිටින මොහොමඩ් ඊබ්‍රාහිම් මොහොමඩ් නවුෆර් යන සමග සම්බන්ධයි කියලා. ISIS නායක අබු බකර් අල් - බැග්ඩාඩි ගේ මතවාදය සමග සහරාන්ව සම්බන්ධ කලේ මේ නවුෆර් කියලා හෙළිවෙලා තියෙනවා. ඒ නවුෆර් කියන පුද්ගලයා මේ වන විට අත්අඩංගුවේ සිටිනවා" මහජන ආරක්ෂක අමාත්‍යවරයා පැවසුවා.

මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධ සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායමට රුපියල් මිලියන 500ක මුදලක් දෙමටගොඩ ඊබ්‍රාහිම් සහෝදරයින් විසින් ලබාදී ඇති බවත් එම මුදල් මගින් ඔවුන් විසින් ප්‍රහාරයට අවශ්‍ය ද්‍රව්‍ය සපයා ගෙන ඇති බවට මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර ප්‍රකාශ කර සිටියේ.

මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර විසින් පාර්ලිමේන්තුවේදී සිදුකළ සම්පුර්ණ ප්‍රකාශය පහතින්,
 

ගරු කථානායකතුමනි,

මහජන ආරක්ෂක අමාත්‍යාංශය වශයෙන් පාස්කු ප්‍රහාරයට ලක්ව මිය ගිය අපේ අහිංසක සහෝදර ජනතාව වෙනුවෙන් එම සාහසිකයන්ට සහ එය සැලසුම්  කළ අපරාධකරුවන්ට නීති ප්‍රකාරව උපරිම දඬුවම් ලබා දීමට අප විසින් ගන්නා ක්‍රියාමාර්ග සහ එහි ප්‍රගතිය වගේම අපේ ජනාවගේ ඉදිරි ආරක්ෂාව සඳහා වර්තමාන රජය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුම්වත් කිරීම මගේ යුතුකමක් සේ සළකනවා. 

පාස්කු ප්‍රහාරයට අදාලව මේ දක්වා මෙරටදී පුද්ගලයන් 676 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් 202ක් බන්ධනාගාරගත කර 66 දෙනෙකු රඳවා තබා ගෙන විමර්ශණ කටයුතු කෙරෙනවා. මොවුන්ගෙන් 408ක් මෙරට නීතිය යටතේ ඇපපිට නිදහස්ව සිටියද ඔවුන් සම්බන්ධයෙන්ද අඛණ්ඩව විමර්ශණ සිදු කෙරෙනවා.

ප්‍රහාරයෙන් පසු හිටපු ජනාධිපතිතුමා ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සංවිධාන 03ක් තහනම් කිරීමට කටයුතු කර තිබුණා. නැෂනල් තව්හීඩ් ජමාද්, ජමාකේ මිල්ලාතේ ඉබ්‍රාහීම්, විල්ලයාත් අස් සේලානි. 

පසුගිය රජය 2019 මැයි 22 පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළා. ඉන් පසු ජාතික ආරක්ෂාව සම්බන්ධ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව පිහිටෙව්වා. ඊට පසු පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශණය කර වාර්තා කිරීමට 2019 සැප්තැම්බර් 21 වන දින ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පිහිටවනු ලැබුවා. 

නමුත් අවාසනාවන්ත ලෙස මෙම ප්‍රහාරය වළක්වා ගැනීමට ඉතා පහසුවෙන් හැකියාව තිබුනත් ඒ සම්බන්ධයෙන් නිසි පියවර ගෙන නොතිබූ බව සිදු කරගෙන යන විමර්ෂණවලින් පැහැදිලි වෙනවා. 

පාස්කු ප්‍රහාරයට පෙර සිදුවීම් ගණනාවක් සිදු වුණා. ඒවා නිසි පරිදි විශ්ලේෂණය කළා නම් සැකකරුවන් අත්අඩංගුවට ගෙන මෙම ප්‍රහාරය වළකාලීමට බොහෝ ඉඩ තිබුණා. නමුත් බුද්ධි අංශ සම්පූර්ණයෙන් අකර්මණය කර හමුදාවේ චිත්ත ධෛර්‍ය බින්දුවට පාත දාලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දේශපාලනීය කරමින් ජාතික ආරක්ෂාව බින්දුවටම දමා තිබූ නිසා ඉතා පහසුවෙන් ඝාතකයින්ට මෙම ප්‍රහාරය දියත් කිරීමට හැකි වුණා. 

පාස්කු ප්‍රහාරයට පෙර සිදුවූ විශේෂ සිදුවීම් මෙන්න...

1. 2018 පෙබරවාරි 6 වන දින යහපාලනය සඳහා වන ජාතික පෙරමුණේ සාමාජික අබ්දුල් ෆර්වාඩ්න් නිවසට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළා. 

2. ඊට දින 6 ට පසු කාත්තන්කුඩු යහපාලනය සඳහා වන ජාතික පෙරමුණු කාර්යාලයට කාල බෝම්බ ප්‍රහාරයක් එල්ල කළා. 

3. ඊට මාස 6ට පසු මඩකලපුව පාලමුණේදී සිදු කළ පුපුරණ ද්‍රව්‍ය අත්හදා බැලීමකදී සහරාන්ගේ සොයුරු ඉල්වාන් බරපතල තුවාල ලැබුවා. මාස 2 ½ පසු නුවරඑළියේ පුහුණු කඳවුර නිරීක්ෂණය කිරීමට ගොස් නිසි විමර්ෂණයක් නොකිරීම.

4. ඊට සති 2 ට පසු වව්නතිවු පොලිස් නිලධාරීන් දෙ‍දෙනෙක් ඝාතනය කළා.

5. ඊට මාසයකට පසු මාවනැල්ල බුදු පිළිමවලට හානි කළා.

6. ඊටත් සුමාන 03කට පසු වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය විශාල ‍තොගයක් සොයා ගත්තා.

7. ඊට මාස 2 ට පසු 2019 මාර්තු 08 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරුකරුවෙකු වූ තස්ලිම්ට වෙඩි තිබ්බා.

8. ඊට සති 05කට පසුව එනම් 2019 අප්‍රේල් 16 වන දින තාලංකුඩාහිදී යතුරුපැදි පුපුරවා අත්හදා බැලුවා.

පාස්කු ප්‍රහාරය වුණේ ඊට හිරියට දින 05කට පසුවයි. එසේ නම් එවකට පැවති රජයේ ජාතික ආරක්ෂාව පිළීබඳව තිබූ මන්දගාමී ආකල්පය, එම කාලයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ත්‍රස්තමර්ධන හා විමර්ශන කොට්ඨාෂ බුද්ධි තොරතුරු සම්බන්ධ නිසි විමර්ශන සිදු නොකිරීම සහ ඒවා අතර නිසි සම්බන්ධීකරණයක් නොතිබීම නිසා මෙම ප්‍රහාරය වළක්වා ගන්න තිබූ අවස්ථා 08ක් අහිමි වී තිබෙන බව පැහැදිලියි.

වර්ත‍මාන රජය බලයට පත්වූ පසු නැවතත් බුද්ධි අංශ ශක්තිමත් කොට ජාතික ආරක්ෂාව මුල්තැන දුන්නා. බුද්ධි අංශ හා වමර්ශන අංශ කිසිදු දේශපාලන මැදිහත් වීමකින් තොරව ශක්තිමත් කිරීමට පියවර ගත්තා.

මේ රජය බලයට ආ පසුව පාස්කු ප්‍රහාරයවට සෘජුව හා වක්‍රව සම්බන්ධ වූ පුද්ගලයන් 99 දෙනෙකු ශ්‍රී ලංකාව තුළදී ද, විදේශයන්හි රැදී සිටි මෙරට පුද්ගලයින් 35 දෙනෙකු අත්අඩංගුවට ගෙන විමර්ශන සිදු කළා. 

විදේශ බුද්ධි අංශ සමඟ සම්බන්ධීකරණය වෙමින් රාජ්‍ය බුද්ධි සේවාව මගින් විදේශ රටවල් 05න් ප්‍රහාරය සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවන් 54න් 50ක් මේ වන විට ලංකාවට ගෙන්වා තිබෙනවා. ඉතිරි 04 දෙනා එරට නඩු කටයුතු අවසන් වූ වහාම ගෙන්වනවා.මෙම පුද්ගලයින් එම රටවල අන්තවාදය පෝෂණය කරමින් අන්තවාදී ප්‍රචාරණ රැස්වීම් සඳහා මෙරටට මුදල් එවා තිබෙනවා.

මෙරට තොරතුරු සහ විමර්ශනය අනුව ඔවු‍න්ගේ ප්‍රහාරයට ඇති සම්බන්ධතාවය අනුව වර්ගීකරණය කර නඩු පැවරීමට කටයුතු කර තිබෙනවා. ඉදිරියේදී මෙවැනි විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ක්‍රියාකාරකම් අධීක්ෂණය සඳහා රාජ්‍ය බුද්ධි සේවාව අදාල විදේශීය බුද්ධි සේවා සමග සම්බන්ධ වීමට නිශ්චිත ක්‍රමවේදයක් සකස් කර තිබෙනවා.

සහරාන් නැමති ස්වයං ඝාතකයා යටතේ පුහුණු වී ඇති කාන්තා අංශයක් සම්බන්ධයෙන් 2020 මුල්භාගයේදී මෙරට බුද්ධි අංශ තොරතුරු අනාවරණය කර ගත්තා. එසේ පුහුණු වූ කාන්තාවන් 17ක් මරාගෙන මැරෙන ප්‍රහාර සඳහා ප්‍රතිඥා (බයියක්) ලබා දී තිබෙනවා. එයින් දැනට 05 දෙනෙක් මිය ගොස් ඇති අතර, 03 දෙනෙක්ට චෝදනා ගොනු කොට බන්ධනාගාරගතර කර තිබෙන අතර, 7 දෙනෙකු අත්අඩංගුවේ තබා විමර්ශන කටයුතු කෙරෙනවා. ඉතිරි දෙදෙනා අත්අඩංගුවට ගැනීමට ඉදිරියේදී කටයුතු කරනවා.

2015 වර්ෂයේදී ලාංකික සමාගමක් විසින් චීනයෙන් කඩු 1440ක් මෙරටට ආනයනය කරලා තියෙනවා. 2018 වර්ෂයේදී දෙමටගොඩ ඊබ්‍රාහීම් සහෝදරයන්ගේ මෙහෙයවීම මත ඉහත සමාගමෙන් විවිධ කඩවලට විකුණා ඉතිරි වූ කඩු 300ක් මිලදී ගෙන තිබෙනවා. එම කඩු කොම්පඥ්ඥවීදිය, කාත්තන්කුඩි සහ බේරුවල පුද්ගලයින්ට ලබා දී තිබෙනවා.

එසේම මීගමුව, කුරුණෑගල ප්‍රදේශවල කම්හල්වලින් කඩු 27ක් සකස් කරගෙන තිබෙනවා. මේ පිළිබඳව කළ දීර්ඝ විමර්ෂණයකින් පසු එයට සමබන්ධ මෙරට පුද්ගලයින් 35ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන දැනට 07කට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර තිබෙනවා. එසේම කඩු මෙරටට ආනයනය කළ ආයතනය විසින් 2015 සිට කඩු මිලදී ගත් පුද්ගලයින් පිළිබඳව අනාවරණය කිරීමට පරීක්ෂණ සිදු කරනවා.

එසේම සහරාන්ගේ ජාලයට අමතරව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වෙන වෙනත් අන්තවාදී සංවිධාන හඳුනා ගෙන එහි ප්‍රධාන සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමට ත්‍රස්ත මර්ධන සහ බුද්ධි අංශ කටයුතු කර තිබෙනවා. එම සංවිධාන නම් වන්උම්මා, හිස්බුත් තාහීර්, මුජිර් හිදීන් අල්ලාහ් සහ සුපර් මුස්ලිම් යනාදියයි.

එසේම අපට සහරාන් ඉස්ලාම් රාජ්‍යයක් වෙනුවෙන් මෙරට තරුණයන් ඒකරාශී කිරීම සඳහා මැදවච්චිය, මල්වාන, ලේවැල්ල, හම්බන්තොට, නුවරඑළිය, හිඟුල ප්‍රදේශවල පවත්වාගෙන ගිය පුහුණු කඳවුරු 08ක් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගත්තා. එම පුහුණු කඳවුරුවලට සම්බන්ධ වූ පුද්ගයන් ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා. 

2018 සිට සහරාන්ගේ සියලු කටයුතු සඳහා අවශ්‍ය මුදල්,වාහන පහසුකම් සියල්ල දී ඇත්තේ දෙමටගොඩ ඊබ්‍රාහීම් සහෝදරයන් වන ඉන්චාෆ් සහ ඉල්හාම්ය. ඔවුන් 2018 සිට පාස්කු ප්‍රහාරය දක්වා ලක්ෂ 500කට ආසන්න මුදලක් සිය ව්‍යාපාරවලින් ලබා දී තිබෙනවා.

ඊට අමතරව මොවුන් දෙදෙනා ISIS සංවිධානය සමඟ සම්බන්ධ වී සිරියාවේ පුහුණුවන ලාංකික ත්‍රස්තයන්ට යැවීම සඳහා 2018 නොවැම්බර් රු. ලක්ෂ 45 ක් සිරියාවේ ත්‍රස්තවාදීයෙකු ලෙස මියගිය නිලාම් නැමැත්තාගේ පියාට ලබා දී තිබෙනවා. ඒ මුදල් ත්‍රස්තමර්ධන විර්ශණ කොට්ඨාෂය විසින් සොයාගෙන තිබෙනවා. 

ශ්‍රැන්ගිල්ලා හෝටලයේදී මරාගෙන මැරුණු ඊබ්‍රාහීම් ඉල්හාම් සිය ව්‍යාපාරයෙන් රුත ලක්ෂ 370ක් ලබා ගෙන ඉන් කොටසක් ප්‍රහාරය සැලසුම් කිරීමට සහ වෙනත් පහසුකම් ලබා ගැනීමට සහරාන්ගේ සහෝදරයා වන රිල්වාන්ට ලබා දී තිබෙනවා. එයින් ලක්ෂ 50ක් ප්‍රහාරයකට දින 05ට පසු සායින්දමරුදු නිවසේදී සොයා ගත්තා. 

“සේව් ද පර්ල්” රාජ්‍ය නොවන සංවිධානය මෙරට ආරම්භ වී ඇත්තේ 2015 වසරේදී. මරාගෙන මැරෙන ප්‍රහාරවලට සම්බන්ධ වූ ඊබ්‍රාහීම් සහ සහෝදරයින්, ජමීල් සහ දැනට අත්අඩංගුවේ සිටින ජමීල්ගේ සහෝදරයා මේ සංවිධානය සමඟ සක්‍රීයව සම්බන්ධ වෙලා තිබෙනවා.

“සේව් ද පර්ල්” සංවිධානය විසින් දියත් කර ඇති අරාබි පාසැල් වල කුඩා දරුවන්ව අන්තවාදී මතවාදයට නැඹුරු කිරීමට උගන්වා තිබෙනවා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ සහරාන් ඇතුළු පුද්ගලයින් මෙම විදුහලේ සිසුන්ට දේශණ පවත්වා තිබෙනවා. විදුහලේ සිසුන් එය සනාථ කරනවා. ඉල්හාම් ඊබ්‍රාහීම්ගේ මූල්‍ය දායකත්වයෙන් තවත් අරාබි විද්‍යාලයක් ගොඩ නැගීමට මදුරන්කුළිය ප්‍රදේශයෙන් ඉඩමක් මිලදී ගෙන තිබෙනවා. ඊට අමතරව 2018 මාවනැල්ල බුදුපිළිමවලට හානි කිරීම පිළිබඳව අත්අඩංගුවට ගත් අයට සහරාන් හරහා නීතිමය සහාය දීමටද මෙම සංවිධානය මූලික වෙලා තිබෙනවා. 

එසේම පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් හා එහි මූලික පසුබිම සැකසුනු ආකාරය පිළිබඳව සොයා බැලීමේදී මෙම ප්‍රහාරය මෙහෙය වූ අය, ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසූ අය, ප්‍රහාරය දියත් කරන්න ISIS මතවාදය ඔස්සේ ප්‍රහාරකයින් අභිප්‍රේරණය වීම සහ මෙයට සෘජුව වක්‍රව සම්බන්ධ අය සහ එම භාහිර සම්බන්ධතා පිළිබඳ පුළල් විමර්ශනයක් ඉතාම වැදගත් වෙනවා. එමගින් අදාල අපරාධකරුවන්ට දඬුවම් ලබා දීමට හා ඉදිරියේදී මෙවැනි ප්‍රහාර වැළැක්වීමට ද හැකි වෙනවා. 

ඒ සඳහා මම පහත කරුණු මෙම ගරු සභාවට දැනගැනීමසඳහා ඉදිරිපත් කරනවා. 

ඉරාකයේ සිටි අබුබක්කර් අල් බැග්ඩෑඩි විසින් 2014.06.29 දිනසිරියාව-ඉරාකය කේන්ද්‍ර කරන්ගෙන ඉස්ලාම් රාජ්‍යයක් ප්‍රකාශයට පත්කරමින් සිරියාවටහෝ ඉරාකයට පැමිණෙන ලෙසට සහ ඉස්ලාම් රාජ්‍යය වෙනුවෙන් සටන් කරන ලෙසට මුලින්ප්‍රකාශ කර තිබෙනවා. 

ISIS නායක බැඩූඩිගේ මෙම ප්‍රකාශයෙන් පසු 2015 ජනවාරීමාසයේ කණ්ඩායම් ලෙස මෙරට පුද්ගලයින් 37 ක් පමණ සිරියාවට ගොස් IS සංවිධානයසමඟ එක්ව කටයුතු කර තිබෙනවා. 

මීට අමතරව ඉස්ලාම් රාජ්‍යය හෙවත් IS වෙත කැමැත්ත දක්වනමෙරට පුද්ගලයින් ජමාතේ මිල්ලතේ ඊබ්‍රාහීම් හෙවත් JMI නමින්සංවිධානය වන බව මූලිකව යුධ හමුදා බුද්ධි අංශය 

හා රාජ්‍ය බුද්ධි සේවාව එම වකවානුවේහඳුනාගෙන තිබුණා.   

ඒ අනුව, බුද්ධි සේවා මගින් තොරතුරුකරුවන් යොදවා තොරතුරුරැස්කර සිරියාවට ගිය කණ්ඩායම, ඔවුන් එරටට ගිය ආකාරය, ඒසඳහා ඔවුන් හට මුදල් ලැබුණ මාර්ගය හා ඉන්පසු මෙරට JMH සංවිධානය පිළිබඳවත් 2015 සිට වාචිකව හා ලිඛිතව ආරක්‍ෂකමණ්ඩලය හා අනෙකුත් වගකිවයුතු නිලධාරීන් දැනුවත් කිරිමටකටයුතු කර තිබුණා. එහිදී ඉදිරියේදී ශ්‍රී ලංකාවට ඇතිවිය හැකිතර්ජන හා ඒවා වැළැක්වීමට රජය හා රජයේ අදාළ ආයතන / අමාත්‍යාංශ ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් වාර්තා කර තිබුණා. මේ පිළිබඳව පාස්කු කොමිෂන් සභා වාර්තාවේ පැහැදිලිවමසඳහන් වෙනවා. 

ඒ අනුව, යම් පුද්ගලයෙකු ආගම පදනම් කරගත් මතවාදයක්ඔස්සේ ත්‍රස්තවාදියෙකු බවට පරිවර්තනය වීමේදී පළමුවමුලධර්මවාදයට හා ආගමික අන්තවාදයටද, දෙවනුවප්‍රචණ්ඩත්වයට හා ත්‍රස්තවාදයටද ක්‍රමක්‍රමයෙන් ගමන් කරනවා. 

පාස්කු ප්‍රහාරකයින් ඉස්ලාම් රාජ්‍ය සංකල්පය පෙරදැරි කරගෙනත්‍රස්තවාදය දක්වා 

ගමන්කළ අතරම සමහර පුද්ගලයින් මෙහි විවිධ අවධිවලපසුවන බවට විමර්ශනවලදී හදුනාගෙන තිබෙනවා. 

IS නායක අබුබක්කර් අල් බැග්ඩෑඩි විසින් 2014 ඉස්ලාම්රාජ්‍යයක් ප්‍රකාශයට පත්කිරීමත් සමහ ඉස්ලාම් රාජ්‍ය මතවාදයේපිහිටා කටයුතු කළ සහරාන්. 

2015 වසරේදී ඉස්ලාම් රාජ්‍යය මතවාදය සමගම දැඩිමූලධර්මවාදීව සිට ආගමික අන්තවාදියෙක් බවට පරිවර්තනයවුනා. 

2017 වසරේ මුල්කාලයේ පටන් ඔහු ආගමික අන්තවාදයේ සිටප්‍රචණ්ඩත්වය කරා  ගමන්කර තිබෙනවා. මොහුගේ මුල්මප්‍රචණ්ඩකාරී සිදුවීම ලෙස 2017.03.10 දින කාත්තන්කුඩිඅලියාර් හන්දියේ වෙනත් මතවාදී පිරිසකට පහරදීම වාර්තාවීතිබෙනවා. 

මේ සමඟ සහරාන් චරිතය කරලියටපැමිණෙනවා. 

මෙලෙස යම් පුද්ගලයෙකු මූලධර්මවාදීයෙකු, ආගමිකඅන්තවාදියෙක් ලෙස හා ප්‍රචණ්ඩත්වය දක්වා පරිවර්තනයවීමේදී ඔහු එම කාලය තුළ ඇසුරු කරන්නන් සහ සංවිධානක්‍රියාකරන ආකාරය විශ්ලේෂණය කිරීම ඉතා වැදගත් වෙනවා. 

මෙහිදී වසර ගණනාවක් කටාර් රාජ්‍යයේ සිටි මොහොමඩ්ඊබ්‍රාහීම් මොහොමඩ් නවුෆර් නමැති දැනට අත්අඩංගුවේ පසුවනපුද්ගලයා 2016 සිට සහරාන් සමඟ සමීපව කටයුතු කිරීමසම්බන්ධව විමර්ශනය කර තිබෙනවා. ඒ අනුව අබුබක්කර් අල්බැග්ඩෑඩිගේ මතවාදයට සහරාන් සම්බන්ධ කිරීමට නවුෆර්සැලකිය යුතු කාර්යය භාර්යයක් සිදුකර ඇති බවට විමර්ශනවලදී හඳුනාගෙන තිබෙනවා.  

එමෙන්ම මෙම නවුෆර් නමැත්තා සහරාන් සමග සම්බන්ධවෙමින් ප්‍රහාරය දක්වා ඔහුව මතවාදීව මෙහෙයවා ඇති බවටදැනට ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයෙන් සිදුකරන ලදවිමර්ශන වලදී තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා. 

එහෙයින් මෙම ප්‍රහාරය පිටුපස සිටි ප්‍රධානතම මූලධර්මවාදියාමෙන්ම සහරාත්ව මෙම ප්‍රචණ්ඩකාරීත්වයට යොමු කළප්‍රධානතම පුද්ගලයෙකු ලෙස නවුෆර් හදුනාගෙන තිබෙනවා. 

ප්‍රහාරයට ප්‍රථම සහරාන් ඇතුළු ව්‍යඝාතකයින් තමන්ගේනායකයා අබුබක්කර් අල් බැග්ඩෑඩි බවට ප්‍රතිඥාවක් දී මෙමප්‍රහාරය සිදුකරන්නේ ඉස්ලාම් රාජ්‍යයක් වෙනුවෙන් බවටසපතකර තිබෙනවා. 

ඒ අනුව අන්තවාදී මතවාදයන් සමඟ පෝෂණයවූ එමප්‍රහාරකයින් ප්‍රහාරයට දින කිහිපයකට පෙර තමන් මෙම ප්‍රහාරයIS සංවිධානයේ අරමුණ වෙනුවෙන් සිදුකරන බවත් තම ජීවිතයCaliphate වෙනුවෙන් කැපකරන බවටත් සඳහන් කරමින්කොළඹදී වීඩියෝ පටයක් නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා.  

එමෙන්ම 2019.04.26 දින සයින්දමරුදු හිදී ආරක්‍ෂක අංශවිසින් ඔවුන් සිටි ස්ථානය වටලා තිබියදී පවා ඔවුන් පිළිගන්නා ලදමතවාදය වෙනුවෙන් සහ IS සංවිධානයේ අරමුණ වෙනුවෙන් තමජීවිතය පුදකරන බවට විඩියෝ පටයක් නිකුත් කරමින් ප්‍රකාශ කරතිබෙනවා. 

මෙම කරුණු අනුව පෙනීයන්නේ ISIS මතවාදය ඔන්සේ සහරාවප්‍රචණ්ඩත්වය දක්වා පෝෂණය කිරීමත් සහරාන්ගේඅනුගාමිකයින්ද ආගමික ප්‍රචණ්ඩත්වයට පත්වීම දක්වා පෝෂණයකිරීමටත් නවුෆර් සිදුකර ඇති කාර්යභාරය අතිමහත් බවය. 

මීට අමතරව ශ්‍රී ලංකා ජමාත් ඉස්ලාම් සංවිධානයේ හිටපුප්‍රධානියා වන හජ්ජල් අක්බද ඉස්ලාම් රාජ්‍ය මතවාදයක සිටකටයුතු කර ඇති බවත් ඔහු ඒ ඔස්සේ පුද්ගලයන් අභිප්‍රේරණයකිරීමේ කටයුතු වල නිරතව සිට ඇති බවත් ඔහු ප්‍රහාරයටසම්බන්ධ පුද්ගලයින් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ බවටත්අනාවරණය වී තිබෙනවා. ඇති ප්‍ර. – 

මෙලෙස සහරාම් මතවාදීව නවුෆර් යටතේ පෝෂණය වීමේදී, මාලදිවයින් ජාතික ආගමික 

ත්‍රස්තවාදීන් 04 දෙනෙකු සහරාන් වෙත සම්බන්ධ කිරීමට ශ්‍රීලාංකික සම්භවයක් සහිත ඕස්ටේ‍්‍රලියානු පුරවැසියන්දෙදෙනෙකු වන ලුක්මන් තාලිබ් හා ඔහුගේ පුත් දුක්මන් 

තාලිබ් අහමඩ් කටයුතු කර ඇති බවටදසොයාගෙන තිබෙනවා.  

තවද, පාස්කු ප්‍රහාරකයින් සහ මාලදිවයින් ත්‍රස්ත සාමාජිකයින් 4 දෙනා 2016 සිට ප්‍රහාරය දක්වා අවස්ථා ගණනාවකදී මෙරටටපැමිණ මරණයට පත්ව ඇති හා මේවනවිට අත්අඩංගුවේ පසුවනඅන්තවාදීන් හමුවී ඇති බවද එම සම්බන්ධීකරණ කටයුතුලුක්මන් තාලිබ් අහමඩ් මෙරටට පැමිණ සිදුකර ඇති බවටදත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය සහ රාජ්‍ය බුද්ධි සේවාවහඳුනාගෙන තිබෙනවා. මෙම ඕස්ටේ‍්‍රලියානු පුරවැසි පියා වනලුක්මන් තාලිබ් කටාර් රාජ්‍යයයේදී අත්අඩංගුවට ගෙන ඇතිබවටද එරට බුද්ධි අංශ වාර්තා 

කර තිබෙනවා.  

එසේ නම් පාස්කු ප්‍රහාරයට අවශ්‍ය පසුබිම සැකසී ඇත්තේ මෙසේය.

අයි.එස්. හා එහි නායක බැග්ඩෑඩ්ගේ අන්තවාදී මතවාදය නවුසර් ඇතුලු මවුලවි ඇතුලු කිහිප දෙනෙක් පෝෂණය කිරීම. එම මූල ධර්ම මතවාදයන් ඉදිරියට ගෙන යාම, තරුණ කොටස් නැඹුරු කිරීම සහ අන්තවාදී ක්‍රියාකාරකම් වලදී මතුවිය හැකි නෛතික ගැටළු විසදීමට නෛතික පසුබිමක් ඇති පිරිසක් ඇති කිරීම මේ සඳහා Save the Pearl වැන් සංවිධාන උපකාරී වී තිබෙනවා.

ප්‍රහාරයට අවශ්‍ය සියලුම මුදල්, භෞතික සම්පත් දුල්හාම් ඉන්ෂාෆ් සහෝදරයින් තම  ව්‍යාපාර වලින් ද විදෙස් රටවල අන්තවාදී සංවිධාන හා මැද පෙරදිග අයි.එස්. ලැදි කණ්ඩායම් හරහා දීම. 

සහරාන්ගේ නායකත්වය යටතේ රිල්වාන් හස්තුන් මිල්හාන් හා සාදික් විසින් ප්‍රහාර සැලසුම් කිරීම පුහුණු කිරීම් සහ ප්‍රහාර දියත් කිරීම.

ෆයිරූස් හා ෆස්රූල් විසින් අයි.එස්. මත්වාදය ප්‍රචාරන කටයුතු වීඩියෝ සැකසීම හා උඩු ගත කිරීම වශයෙනි.

දැනට අත්අඩංගුවේ සිටින විවිධ තරාතිරමේ ප්‍රද්ගලයින් හා ස්වයං ඝාතකයින් අතර දුරකතන සම්බන්ධතා හදුනාගෙන තිබෙන අතර ඔවුන් වයිබර් වට්සෆ් වැනි මෘදුකාංග හරහා සබඳතා පවත්වා තිබෙනවා. මේ සඳහා විදේශීය බුද්ධි අංශ සමඟ සම්බන්ධීකරණය වෙනවා. එසේම 2019 මැයි මාසයේ පිහිටුවන ලද ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩලය හරහා සිදු කරනා. එම වාර්තාවේ සමස්ත ලංකා භූමිය තුල උපමා සභාව ප්‍රමුථ Community Association of Professional නැමැත් සංවිධානයක් සිදු කර ඇති විමර්ශනයකදී බොහෝ මද්‍රසා පාසල් වල නිසි ක්‍රමවේදයක් නොමැති බව සඳහන් වෙනවා.

එසේම ලංකාවේ උපදින සියලු දරුවන්ට අවුරුදු 05 සිට 16 දක්වා රජයේ අධ්‍යපාන ප්‍රතිපත්යට අනුව අධ්‍යාපනය ලබා දිය යුතු බව අප අවධාරනය කරනා. ඒ අනුව කටයුතු නොකරන සියලුම පාසල් තහනම් කිරීමට අප කටයුතු කරනා. අනෙකුත් මද්‍රසා පාසල් නියාමනය කිරීමට කටයුතු කරනා. එසේම වසර ගණනාවක් තිස්සේ ඉතා සාමකාමීව නියමිත ප්‍රමිතීන්ට අනුව ක්‍රියාත්මක වන මද්‍රසා පාසල්ද තිබෙනවා. 

වර්තමාන රජය බලයට පත්වූ පසු ප්‍රහාරයට අවශ්‍ය පසුබිම සෘජව වක්‍රව නිර්මාණය කළ මෙරට ක්‍රියාත්මක වන අන්තවාදී සංවිධාන 11 ක් හඳුනා ගනිමින් එම සංවිධාන නුදුරේදීම තහනම් කිරීමට කටයුතු කරනවා.

පාසැල් ගරු අත්පොත්වල ඇතුලත්ව ඇති ඉස්ලාම් මූලධර්මවාදය සම්බන්ධ ඉගැන්වීම් ඇතුළත් පොළපොත් නිවැරදි කිරීමට දැනටමත් පියවර ගෙන තිබෙනවා. මෙහිදී 1 වසර සිට 13 වසර දක්වා ගුරු සහ පෙළ පොත්වල අන්‍යාගම්වලට එරෙහිව නැගී සිටීම සඳහන්වන අතර, ආගමික සහජීවනයට හානිවන ආකාරයෙන් වහාබ් සහ සලබ් මූලධර්මවාදී ප්‍රතිපත්ති සූක්ෂම ලෙස ඇතුළත්ව තිබෙනවා. ඒවා විෂය නිර්දේශයෙන් ඉවත් කිරීමට දැනටමත් කටයුතු කෙරෙමින් සිටිනවා.

ජාතික ආරක්ෂාවට වර්තමානයේදී සහ ඉදිරියේදී විය හැකි තර්ජන හඳුනාගෙන ඒවා වැළැක්වීම සඳහා පියවර ගණනාවක් මේ රජය ගෙන ඇති අතර, එක් පියවරක් ලෙස බුර්කාව පැළදීම තහනම් කිරීමට කඩිනමින් කටයුතු කරනවා. 

ඒ වගේම ළමා හා කාන්තාවන් වෙනුවෙන් අඩුවයස් විවාහ සහ දික්කසාද පිළිබඳව නීති සමස්ථ ජනතාවටම බලපාන පොදු නීතියක් යටතට ගැනීමට අධිකරණ අමාත්‍යාංශය කටයුතු කරනවා.

පාස්කු වැනි ප්‍රහාරවලට යොමු වීමට පෙර පුද්ගලයින් මූලධර්මවාදී අවධියට යොමුවන බවට බුද්ධි අංශ මගින් හඳුනාගත් වහාම අන්තවාදී ප්‍රචන්ඩත්වයට යොමු වීමට පෙර ඔවුන්ව අනිවාර්යය පුනුරුත්තාපන ක්‍රියාවලියට යොමු කිරීමට කටයුතු කරනවා. 

ඒ වගේම මෙම ප්‍රහාරයට සෘජුව/ වක්‍රව සම්බන්ධ සියලුම පිරිස්වලට උපරිම දඬුවම් ලබා දීමට කටයුතු කරනවා. 

අවසාන වශයෙන් මේ වන විට පාස්කු ප්‍රහාරන් සඳහා නැඹුරු වූ ආකාරය, ප්‍රහාර සිදු කිරීමේ අරමුණ, ප්‍රහාරය මෙහෙයවූයේ කවුද?, එයට මුදල් ලැබුනේ කාගෙන්ද?, එයට අදාල දේශීය විදේශීය සම්බන්ධතා යන ප්‍රශ්ණවලට පැහැදිලිව පිළිතුරු ලැබී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග නුදුරු දිනයේ ගන්නවා. කොවිඩ් වසංගතය හමුවේ වුවද ආරක්ෂක අමාත්‍යාංශය, මහජන ආරක්ෂක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලීසිය, යුද්ධ හමුදාව, රාජ්‍ය බුද්ධි සේවාව, යුද්ධ හමුදා බුද්ධි අංශ ඇතුලු අනෙක් බුද්ධි අංශ මෙම ප්‍රහාරයට සම්බන්ධ දේශිය, විදේශිය පුද්ගලයින් සංවිධාන හඳුනා ගනිමින් ඉදිරියේදී මෙවැනි සිදුවීම් වළක්වා ගැනීමට දැඩි වෙහෙස මහන්සියෙන් කටයුතු කරන බැව් මා මේ ‍වේලාවේ සිහිපත් කරනවා. 

මේ සම්බන්ධව ඇතුම් දේශපාලන පසුබිම් ඇති පිරිස් සමාජය නොමග යවමින් ජනතාව මුලා කිරීමට වෑයම් කරනවා. එසේ විමර්ශනයන් තුලින් සත්‍ය අනාවරනය කිරීමට යුක්තිය ඉටු කිරීමට බාධාවන අයුරින් ක්‍රියාත්මක වන අය සම්බන්ධයෙන් අපි නීති අනුකූලව කටයුතු කරනවා. 

අප හෙලා දැකිය යුත්තේ යම් කිසි ආගමක් නොව ආගමික අන්තවාදයයි. මෙම ප්‍රහාරය පොලබවා ඇත්තේ වහබ්වාදය මත ගොඩනැගුණු අන්තවාදයයි. අල්වලාවල්බරා න්‍යාය හෙවත් මුස්ලිම් වරුන්ට පක්ෂපාතී වීම සහ මුස්ලිම් නොවන අයට දේශ කිරීමට පොළබවන වහාබ් ආයතන අපි තහනම් කරනවා. 

සාමකාමී රටට ආදරය කරන මුස්ලිම් ජනතාව මෙම පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන කටයුතු වලදී අපට සහය වනවා. එය මා ගෞරවයෙන් යුතුව සිහිපත් කරනවා. යුධ හමුදාවේ විශේෂ බලකායේ විශිෂ්ඨ සේවයක් කල ෂස්ලි ලෆීල් වගේම බුද්ධි බලකායේ අති විශිෂ්ඨ සේවයක් කල කර්නල් මුතාලිෆ්, කර්නල් මීඩීන් යන මුස්ලිම් ජාතික නිලධාරීන්  අදටත් අප ගෞරවයෙන් සිහිපත් කරනවා.

අවසාන වශයෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිසන් සභාව ඉදිරිපත් කල නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලුම කටයුතු සූදානම් කරන බව ප්‍රකාශ කරමි. එසේම මෙම සභාවේ අවධානයට ලක් නොවූ නමුත් විමර්ශන වාර්තා වලින් හෙලි වූ කරුණු අනුව මෙම ප්‍රහාරයට සෘජුව හා වක්‍රව සම්බන්ද සියලු පුද්ගලයින්ට අයාතන වලට විරුද්ධව නීති ප්‍රකාරව අපි කටයුතු කරනවා.

මේ සම්බන්ධයෙන් මීට වඩා පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් ඒවා ගරු කතානායකතුමා වෙත ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිනවා. ජාතික ආරක්ෂාවට බාධා නොවන අයුරින් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දීමට මා බලාපොරොත්තු වෙනවා.