Saturday, May 18, 2024

General line - 0115112241

චීනය සහ රුසියාව සඳ මත චන්ද්‍ර පර්යේෂණ මධ්‍යස්ථානයක් ඉදිකිරීමට සැලසුම් කරයි




සඳ මත චන්ද්‍ර පර්යේෂණ මධ්‍යස්ථානයක් ඉදිකිරීමට චීනය සහ රුසියාව සැලසුම් කර තිබෙනවා.

රුසියානු අභ්‍යවකාශ ඒජන්සියක් වන රොස්කොස්මොස් පවසන්නේ චීනයේ ජාතික අභ්‍යවකාශ පරිපාලනය සමඟ සඳ මතුපිට, කක්ෂයේ හෝ ද්විත්වයෙහිම පර්යේෂණ පහසුකම් සංවර්ධනය කිරීම සඳහා දෙරට විසින් ගිවිසුමක් අත්සන් කර ඇති බවයි.

රුසියාවේ අභ්‍යවකාශ තරණයට 60 වසරක් සපිරීම මෙම චන්ද්‍ර පර්යේෂණ මධ්‍යස්ථානය සැලසුම් කිරිමට නිමිත්ත වී තිබෙනවා.

මෙහිදී පර්යේෂණ මධ්‍යස්ථානය සැලසුම් කිරීම, සංවර්ධනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා රුසියාව සහ චීනය යන රටවල් දෙකම සහයෝගයෙන් කටයුතු කරන බව සඳහන්.

එම මධ්‍යස්ථානය සඳ ගවේෂණය කිරීම ඇතුළු පුළුල් පරාසයක විද්‍යාත්මක පර්යේෂණ සඳහා යොදා ගැනීම රුසියාව හා චීනයේ විශ්වාසයයි.

කෙසේවෙතත් චීනය පැවසුවේ මෙය“විශාල ගනුදෙනුවක්” බවයි. එසේම චීනයේ විශාලතම ජාත්‍යන්තර අභ්‍යවකාශ සහයෝගිතා ව්‍යාපෘතිය ද මෙය වනවා.