Saturday, May 18, 2024

General line - 0115112241

කාන්තාවන්ගේ ගෙළ බැදි රන්මාල මංකොල්ලකෑමේ ප්‍රවණතාවක්




කාන්තාවන්ගේ ගෙළ බැදි රන්මාල මංකොල්ලකෑමේ සිද්ධීන්වල ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව පොලීසිය පවසනවා.

ඉකුත් පැය 24 තුළ එවැනි සිද්ධීන්  3 ක් හබරාදූව, කටුනායක සහ ගෝමරන්කඩවල ප්‍රදේශවලින් වාර්තා වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

මේ අතර රුපියල් 5,000 ව්‍යාජ මුදල් නෝට්ටුවක් වෙළද සැලකට ලබාදී භාණ්ඩ මිලදී ගැනීමට තැත්කළ සැකකරුවන් දෙදෙනෙකු කැළණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් එක් සැකකරුවෙකු වැඩිදුර විමර්ශන සදහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කළේ.