Monday, May 13, 2024

General line - 0115112241

ඇස්ට්‍රසෙනිකා ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණයක් දෙයි




ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා මර්ධන එන්නත තහනම් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ඒ, රටවල් කිහිපයක් මෙම එන්නත භාවිතය අත්හිටුවීමට තීරණය කර ඇති පසුබිමකයි. ඩෙන්මාර්කය, බල්ගේරියාව, නෝර්වේ ඇතුළු යුරෝපා රටවල් කිහිපයක් එම රටවල් අතරට අයත්. ඔවුන් ඔක්ස්ෆර්ඩ් එන්නත භාවිතය අත්හිටුවා ඇත්තේ රුධිර කැටි ගැසීමේ සිදුවීම් කිහිපයක් වාර්තා වී ඇති බව පවසමින්.

මේ වනවිටත් යුරෝපය පුරා ලක්ෂ 50කට අධික පිරිසකට මෙම එන්නත ලබා දී තිබෙනවා. කෙසේවෙතත් ඉන් රුධිර කැටි ගැසීමේ සිදුවීම් වාර්තා වී ඇත්තේ 30ක් පමණක් බවයි වාර්තා වන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන එන්නත භාවිතයෙන් රුධිර කැටි ඇතිවිය හැකි බවට කිසිදු පිළිගත හැකි සාක්ෂියක් නොමැති බවයි. එබැවින් එම එන්නත භාවිතයෙන් ඉවත් කිරීමට හෝ අත්හිටුවීමට ඇතැම් රටවල් ගෙන ඇති පියවර අනුමත් නොකරන බවද ඔවුන් පවසනවා. බි්‍රතාන්‍යය, ඔස්ටේ්‍රලියාව, මෙක්සිකෝව මෙන්ම ජර්මනිය ද පවසන්නේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත තමන් අඛණ්ඩව භාවිතයට ගන්නා බවයි.

ඇස්ට්‍රාසෙනෙකා එන්නත යනු කොරෝනා මර්දනයට මේ වනවිට භාවිතයට ගන්නා එන්නත් අතුරින් විශිෂ්ටතම එන්නතක් ලෙසයි ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුන්වා දී ඇත්තේ. ශ්‍රී ලංකාවේ එන්නත් කරන්නේද ඇස්ට්‍රාසෙනෙකා එන්නතයි.