Friday, May 10, 2024

General line - 0115112241

තවත් යුරෝපීය රටවල් 02 ක් ඇස්ට්‍රාසෙනිකා එන්නත භාවිතය තාවකාලිකව අත්හිටුවයි




තවත් යුරෝපීය රටවල් 02ක් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත භාවිතය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. ඒ, ස්වීඩනය, ලැට්වියාවයි. මිට අමතරව වෙනිසියුලාව ද එන්නත් භාවිතය අත්හිටුවා තිබෙනවා.

අදාළ රටවල් මෙම තීරණයට එළඹ ඇත්තේ, ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත් පුද්ගලයින් කිහිපදෙනෙකුගෙන් පසුගිය දිනවල රුධිර කැටි ගැසීම් වාර්තා වීම හේතුවෙන් එන්නත භාවිතය අත්හිටුවීමට යුරෝපීය රටවල් කිහිපයක් ගත් පියවර අනුගමනය කරමින්.

මේ වනවිට පෘතුගාලය, ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, ස්පාඤ්ඤය, නෙදර්ලන්තය, නෝර්වේ, ඩෙන්මාර්කය සහ බල්ගේරියාව ද ඇස්ට්‍රාසෙනිකා එන්නත භාවිතය අත්හිටුවා තිබෙනවා.

කෙසේ වෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, ඇස්ට්‍රාසෙනිකා එන්නත මගින් රුධිර කැටි ගැසීම් සිදු වන බවට කිසිදු සාක්ෂියක් නොමැති බවයි. එම සිද්ධීන් සාමාන්‍යයෙන් ජනගහනය අතරින් වාර්තා වන රුධිර කැටි ගැසීම් සංඛ්‍යාවට වඩා වැඩි නොවන බවත්, එන්නත භාවිතය නතර නොකරන ලෙස ලොව පුරා රටවලින් ඉල්ලා සිටින බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.