Sunday, May 19, 2024

General line - 0115112241

ලෝක ජල දිනය අදයි - සියලු ගංඟා පිරිසිදු කිරීමට සිව් අවුරුදු වැඩසටහනක්

ඉන්දික විතාන




විවිධ අත්තනෝමතික ක්‍රියා හේතුවෙන් මෙරට ඇති ගංඟා 103 ම අපිරිසිදු වී ඇතැයි පරිසර අමත්‍යංශය පවසනවා. ඒ අනුවයි මෙරට ඇති සියලුම ගංඟා පිරිසිදු කිරීමේ සිව් අවුරුදු වැඩසටහනක් අද සිට ආරම්භ කිරීමට තීරණය කර ඇත්තේ. එය නම් කර ඇත්තේ “සුරකිමු ගංඟා” නමින්. මේ, ඒ පිළිබඳ කරුණු දැක්වූ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර.

අමාත්‍යවරයා සඳහන් කළේ ගංඟා අපවිත්‍ර කරන ආයතනවලට එරෙහිව ද ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බවයි. 

මේ අතර ලෝක ජල දිනය ද අදට යෙදී තිබෙනවා. රුහුණු විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ජාතික විද්වත් සංවිධානයේ පරිසර කමිටුවේ සාමාජික ආචාර්ය ශම්මික ලියනගේ පැවසුවේ මෙරට ඇති ජල සම්පත ආරක්ෂා කර ගැනීමට කටයුතු නොකළහොත් ශ්‍රී ලංකාවට උග්‍ර ජල අර්බුදයක් මතුවනු ඇති බවයි.

ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාවට වාර්ෂිකව වර්ෂාවෙන් ලැබෙන ජල ප්‍රමාණය කියුබික් ඝණ මීටර මිලියන 33,000කට ආසන්න බවයි. කිසිදු ප්‍රයෝජනයකට නොගෙන ගලා ගෙන යන ජල ප්‍රමාණයෙන් කියුබික් ඝණ මීටර මිලියන 1,000ක වටිනාකම රුපියල් කෝටි ලක්ෂ 1,000 කට ආසන්න බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා. 

රුහුණු විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ශම්මික ලියනගේ පැවසුවේ මෙරට ඇති ජල සම්පත නිසි පරිදි කළමනාකරණය කිරීමට දැන් කාලය උදා වී ඇති බවයි.