Sunday, May 19, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාවේ ඡන්ද විමසීම අද




ශ්‍රී ලංකාවට එරෙහිව රටවල් කීපයක් ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධයෙන් වන ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ඡන්ද විමසීම අද පැවැත්වීමට නියමිතයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයට මෙම යෝජනාව ඉදිරිපත් කළේ එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය ඇතුළු රටවල් කිහිපයක් එක්වයි. ඒ, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම පිළිබඳ කරුණු ඇතුළත් කරමින්. 

ඊට මුහුණ දීමට ශ්‍රී ලංකාවේ ඇති සූදානම සම්බන්ධයෙන් නෙත් නිවුස් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගෙන් විමසීමක් කළා. 

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේ ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වී ඇති චෝදානවන්ට පිළිතුරු ලබාදීම සියලු කටයුතු සූදානම් බවයි.

මේ අතර එල් ටී ටී ඊ සංවිධානය විසින් සිදු කරනු ලැබු යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තරය දැනුවත් කිරීම අරමුණු කර ගනිමින් නෙත් එෆ් එම් බැලුම්ගල සකස් කළ වාර්තා චිත්‍රපටය ඊයේ පළමුවරට ජාත්‍යන්තරයේ ප්‍රදර්ශණය කෙරුණා.