Sunday, May 19, 2024

General line - 0115112241

පාස්කු කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මකවීමේ ප්‍රමාදයට අධිකරණ ඇමතිගෙන් උත්තර




පාස්කු කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කළ හැක්කේ නීතිපතිවරයා විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි පවසනවා. එම කොමිසමේ නිර්දේශවලට අදාළව කිසිඳු පුද්ගලයෙකුට එරෙහිව රජයට හෝ දේශපාලනඥයින්ට නඩු පැවරිය නොහැකි බව අමාත්‍යවරයා සඳහන් කළා. 

මේ අතර පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ලබන මස 21 වනදාට පෙර සැලකිය යුතු ප්‍රගතියක් දැකගත හැකි බව අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මීට පෙර ප්‍රකාශ කළා. එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අදාළ ආයතනවලට දින සහිතව නියෝග ලබාදී ඇති බවයි අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ.