Sunday, May 19, 2024

General line - 0115112241

නව බලපත්‍රය ගන්න බස්රථ රියදුරන්ට වසරක කාලයක් දෙයි




මගී ප්‍රවාහන බස්රථ රියදුරන්ට හඳුන්වාදීමට නියමිත නව රියදුරු බලපත්‍රය ලබාගැනීම සඳහා වසරක කාලයක් ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා. හඳුන්වාදෙනු ලබන ආයතන හරහා එම නව බලපත්‍රය ලබාගත හැකි බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. 

ලංකා ගමනාගමන මණ්ඩලයට අනියුක්ත රියදුරන්ට මෙම සේවාව පළමුව ලබාදෙන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.