Sunday, May 19, 2024

General line - 0115112241

අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නා හිමියන් අපවත් වෙයි




ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නා හිමියන් අපවත්වී තිබෙනවා. 

ඒ, කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි. අපවත්වන විට උන්වහන්සේගේ වයස අවුරුදු 88 ක්. 
අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නා හිමියන්ට, අග්ගමහා පණ්ඩිත පදවිය ප්‍රදානය කර ඇත්තේ 2007 වසරේ මාර්තු 2 වන දින බුරුම රජය විසින්.

උන්වහන්සේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක පදවියට පත්වූයේ 2017 වසරේ මැයි මාසයේදීයි. අපවත්වන විට උන්වහන්සේ ගල්කිස්ස, ධර්මපාලාරාම විහාරස්ථානයේ විහාරාධිපති ධූරය ද දැරුවා.