Friday, May 3, 2024

General line - 0115112241

ආපනශාලාවක ඇති වූ ගින්නෙන් අයෙක් මරුට




මරදාන, සංඝරාජ මාවතේ පිහිටි ආපනශාලාවක අද උදෑසන ගින්නක් හට ගත්තා.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 03 ක් යොදාගෙන තිබුණා. අදාළ ආපනශාලාවේ මුළුතැන්ගෙයි සිදුවූ පිපිරීමකින් ගින්න හටගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.

සිද්ධියෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක්.