Friday, May 3, 2024

General line - 0115112241

වන විනාශයන් ගැන අසත්‍ය තොරතුරු පැතිරවූ පිරිසක් අත්අඩංගුවට




විදෙස් රටවල සිදුවන වන සංහාරයන් මෙරට සිදුවන බව හුවා දක්වමින් ව්‍යාජ ඡායාරූප සමාජය මාධ්‍ය ඔස්සේ පතුරුවා හැරි කණ්ඩායමක් අත්අඩංගුවට ගත් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවිර පවසනවා.

එම ව්‍යාජ ඡායාරූප, මාධ්‍ය හමුවේ ගෙන හැර දක්වමින් අමාත්‍යවරයා සදහන් කළේ සංවිධානාත්මක පිරිසක් මෙය සිදු කර ඇති බවයි.

පරිසර විනාශ කිරීම්වලට සම්බන්ධ වූ පුද්ගලයින් 300කට අධික පිරිසකට එරෙහිව මේ වන විට රජය නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

පරිසරයට හානිකරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම්වරයාටද උපදෙස් ලබාදී ඇති බවයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් සදහන් කළේ.