Saturday, May 4, 2024

General line - 0115112241

මද්‍රසා පාසැල් ගුරුවරු දෙදෙනා ගැන පුලුල් පරීක්ෂණයක්




අත්අඩංගුවට ගෙන ඇති, පුත්තලම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මද්‍රසා පාසලක සේවය කළ ගුරුවරු දෙදෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා. ඔහු කියා සිටියේ නීතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් අවුරුදු 26 සහ 27 යන වයස්වල පසුවන හලාවත සහ මදුරන්කුලිය ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.

ඔවුන් දෙදෙනා සේවය කරමින් සිටි මද්‍රසා පාසලට පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන අපරාධකරුවා වන සහරාන් හෂීම් නමැත්තා පැමිණ දරුවන් සඳහා දේශන පවත්වා ඇති බවටද අනාවරණ වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියා.

මේ අතර පාස්කු ප්‍රහාරය පිළිබද සොයා බැලූ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව පිළිබද කල් තැබීමේ විවාදය සදහා අමතර දිනයක් ලෙස ලබන මස 7 වනදා ද එම විවාදය පැවැත්වීමටයි මේ වන විට තීරණය කර ඇත්තේ.