Saturday, May 4, 2024

General line - 0115112241

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා නිසා ලංකාවට බලපෑමක් නොවනු ඇති බව විදේශ ඇමති කියයි




ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා හරහා ශ්‍රී ලංකාවට බලපෑමක් සිදු නොවනු ඇතැයි විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා. ඒ, ජිනීවා යෝජනා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කල විමසීමකට ප්‍රතිචාර දක්වමින්.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර රටවල ස්ථාවරය සම්බන්ධයෙන් ද අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙහිදී අදහස් පල කලා.

කෙසේ වෙතත්, ජිනීවා මානව හිමිකම් කවුන්සිලය හමුවට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාවෙන් පරාජයට පත්වූයේ මෙරට ජනතාව නොව රජය බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් අද කියාසිටියා.