Saturday, May 4, 2024

General line - 0115112241

මට්ටක්කුලිය පොලිස් ස්ථානාධිපතිටත් කොරෝනා




මට්ටක්කුලිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. උණ රෝගි තත්ත්තවයක් හේතුවෙන් නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුළත් කළ අවස්ථාවේදී ඔහුට කළ පී සි ආර් පරීක්ෂණයකදී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වි තිබෙනවා. 

මේ අතර මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 91,561ක් වනවා. ඉන් රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 2,858ක් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ.