Friday, May 3, 2024

General line - 0115112241

සූවස් ඇලේ සිරවූ නෞකාව බේරා ගැනීමේ මෙහෙයුම් ඇරඹේ




ලොව වඩාත්ම කාර්ය බහුල නාවික වෙළද මාර්ගය වන ඊජිප්තුව ආශ්‍රීත සූවස් ඇලේ සිරවී ඇති දැවැන්ත නෞකාව ඉන් මුදවා ගැනීම සඳහා මේ වන විට මෙහෙයමුක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව නෞකාව සිරවී ඇති ප්‍රදේශයේ වැලි තට්ටු ඉවත් කිරීමටයි කටයුතු කර ඇත්තේ. ආසන්න වශයෙන් වැලි කියුබ් අඩි හත් ලක්ෂ 6,000ක් එහිදි ඉවත් කිරීමට සිදුවනු ඇති බවයි සූවස් ඇලේ බලධාරින් පවසන්නේ. ඒ, සූවස් ඇල හරහා සිරවී ඇති මෙම දැවැන්ත නෞකාව නිවැරදි දිශානතියට ගැනීම සඳහායි. කෙසේවෙතත් ඒ සඳහා නෞකාවේ ඇති බහලුම්වලින් කොටසක් ඉවත් කළ යුතු වනවා.

මේ අතර නෞකාව මුදා ගැනීමේ කටයුතු සඳහා අමෙරිකානු ආරක්ෂක අංශවල සහය ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.