Wednesday, May 8, 2024

General line - 0115112241

නාවලපිටිය නගරය වැසි ජලයෙන් යට වේ - රථවාහන ගමනා ගමනයට බාධා




මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට මේ දිනවල පස්වරුවේ ඇද හැලැණු අධික වර්ෂාවත් සමග නාවලපිටිය නගරයේ කොටසක් ඊයේ (29) දින පස්වරුවේ ජලයෙන් යට විම නිසා නගර හරහා රථවාහන ගමනා ගමනයට බාධා ඇති වී තිබෙනවා.

ඒ අනුව නාවලපිටිය නගරයේ බස් නැවතුම්පලේ සිට ගම්පොල දෙසට මිටර් 500 පමණ දුරට වැසි ජලයෙන් යට වී තිබුණා.
 
වැසි ජලය අඩි තුනක් පමණ ප්‍රධාන මාර්ගයේ පිරී තිබූ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.  

වැසි ජලය නිසි ලෙස කාණු පද්ධතිය ඔස්සේ බැස නොයැම හේතුවෙන් මෙසේ ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවී තිබෙනවා.

සුළු වර්ෂාවකදි පවා මෙසේ නාවලපිටිය නගරය ජලයෙන් යට විම නිසා එම නගරයට පිවිසෙන පාර්භෝගික ජනතාව ගැටළු රැසකට මුහුණපා සිටින බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.