Thursday, May 9, 2024

General line - 0115112241

අල්ලස් කොමිෂන් සභාව ගොනු කර ඇති නඩුවෙන් මොහාන් පීරිස් ඇතුළු තිදෙනෙකු නිදහස්




හිටපු නීතිපති හා හිටපු අගවිනිසුරු මොහාන් පිරිස් ඇතුළු තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිෂන් සභාව ගොනු කර ඇති නඩුවෙන් ඔවුන් තිදෙනා නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

ඒ අනුව හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් හා හිටපු නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හා වර්තමාන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී නාවස් සහ හිටපු ලංකා විදුලිබල පෞද්ගලික සමාගම (ලෙකෝ) හිටපු ලේකම් එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩස් යන අය නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල  නියෝග කළා.

නඩුවට අදාළ තාක්ෂණික ගැටලු කිහිපයක් මත මෙම නඩුව පවත්වාගෙන යාමට බලාපොරොත්තු නොවන බව අල්ලස් කොමිෂන් සභාව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙන ලදී.

මෙම නඩුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත්කර ඇති බවත් අල්ලස් කොමිෂන් සභාව අධිකරනයට මීට පෙර දන්වා තිබුණා.

මොහාන් පීරිස් මහතා නිතිපතිවරයා ලෙසට කටයුතු කළ කාලයේ ලෙකෝ සමාගමේ ඉඩම් හා දේපල මිලදී ගැනීමේ දී සිදුවු බව කියන දුෂණ හා අක්‍රමිකතාවලට වගකිව යුතු නිලධාරින්ට එරෙහිව අපරාධ චෝදනා යටතේ නඩු පැවරිම වැළැක්වීම සඳහා අයුතු සහගත ලෙස නිතිපති වාර්තාවක් ලබාදීම යන චෝදනාව යටතේ මෙසේ නඩු පවරන ලදි.

විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් පනතේ 70 වගන්තියේ කියවෙන දූෂණ නැමැති වරද කර ඇති බවට චෝදනා කර ඇත.