Friday, May 3, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා පන්දු යවන්නන් කොදෙව් පළමු ඉනිම ලකුණු 354 කට සීමා කරයි




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන  දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ 3 වන දිනය අදයි. දෙවන දිනය නිමා වන විට පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 136ක් ලබා සිටියා. ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමු ඉනිමට රැස් කළ ලකුණු 354ට පිළිතුරු වශයෙන්. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම කොදෙව් පළමු ඉනිමට ලකුණු 218ක් පිටුපසින් සිටිනවා.

නොදැවී පන්දුවට පහරදෙන දිනේෂ් චන්දිමාල් ලකුණු 34 යි. ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 23ක් ලබා සිටිනවා. මෙම ටෙස්ට් තරගාවලියේ පිට පිටම 3 වන අර්ධ ශතකය වාර්තා කළ ලහිරු තිරිමාන්න මෙම තරගයේ පළමු ඉනිමේදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 55ක්.

නායක දිමුත් කරුණාරත්න එක් ලකුණකටත් , ඕෂධ ප්‍රනාන්දු ලකුණු 18කටත් දැවී ගියා. කොදෙව් පළමු ඉනිමේදී වැඩිම ලකුණු ලාභියා වූ නායක ක්‍රෙග් බ්‍රාත්වේට් ලකුණු 126ක් රැස් කළා. පන්දු යැවීමේදී සුරංග ලක්මාල් කඩුලු 4ක් බිද හෙලූ අතර දුෂ්මන්ත චමීර කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණා. තරගය පැවැත්වෙන්නේ ඇන්ටිගුවාහිදීයි.