Friday, May 3, 2024

General line - 0115112241

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි




බස්නාහිර පළාතේ සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල අද දිනයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනවා.

උතුරු සහ උතුරු මැද පළාත්වල විටින්විට පැයට කිලෝ මීටර් 40 ක් පමණ දක්වා වන තරමක් තද සුළං ද ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.