Friday, May 3, 2024

General line - 0115112241

ගතවූ පැය 24 දීත් මාරක රිය අනතුරු 08 ක්




ගතවූ පැය 24 දී දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මාරක රිය අනතුරු 08 ක් වාර්තා වී තිබෙනවා.

එම රිය අනතුරුවලින් මියගිය පුද්ගලයින් අතර පදිකයින් දෙදෙනෙක් සහ යතුරු පැදිකරුවන් තිදෙනෙකු ද වන බවයි පොලීසිය පැවසුවේ.

මේදිනවල යතුරු පැදි අනතුරුවල දැඩි වර්ධනයක් දැකිය හැකි බව ද පොලීසිය පවසනවා. මේවනවිට මෙරට තුළ ඇති ලියාපදිංචි කළ වාහන ප්‍රමාණය මිලියන 08 යි දශම 03 ක්. ඉන් සියයට 56 ක්ම යතුරු පැදි බව ද  පොලීසිය සඳහන් කළා.