Friday, May 3, 2024

General line - 0115112241

යතුරු පැදි අනතුරු අවම කිරීමට දින 4 ක විශේෂ මෙහෙයුමක්




යතුරු පැදිවලින් සිදුවන රිය අනතුරු වැලැක්වීම සඳහා පොලීසිය දින 04 ක විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ අද සිට අප්‍රේල් 03 වනදා දක්වා අඛණ්ඩව දින 04 ක කාලයක් එම මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.

යතුරු පැදි හා ත්‍රී රෝද රථ සොරකම් කිරීමේ සිද්ධීන් රැසක් ද මෙම කාලසීමාවේදී වාර්තා වනවා.

එවැනි ක්‍රියාවල නිරත වන සංවිධානාත්මක කණ්ඩායම් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා රථවාහන ගාල්වලට සිවිල් පොලිස් නිලධාරීන් ද යොදවා සිටින බවයි පොලීසිය සඳහන් කළේ.

රටපුරා ඉහළ යමින් පවතින යතුරුපැදි සහ ත්‍රී රෝද රථ ඇතුළු රථවාහන සොරකම් සම්බන්ධයෙන් අද උදෑසන ප්‍රචාරය වූ නෙත් එෆ් එස් බැලුම්ගල වැඩසටහනින් ද සංවාදයට ලක් කෙරුණා.