Wednesday, May 15, 2024

General line - 0115112241

පොඩි ලැසීගේ සමීපතමයෙකු අත්අඩංගුවට




පාතාල කල්ලි නායකයකු වන පොඩිලැසීගේ සමීපතමයෙකු රිවොල්වර්ගයේ ගිණි අවියක් මිලිමිටර් 09 උණ්ඩ 05ක් හා ජංගම දුරකථන 02ක් සමග අහංගම ගුරුල්ලවල ප්‍රදේශයේ දි ඊයේ (31) අත්අඩංගුවට ගත් බව පොලීස් විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් ඒකකය පවසනවා.
 
අත්අඩංගුවට ගත් ජාවාරම්කරු කේරල ගංජා ජාවාරමේ නිරත ජාවාරම්කරුවකු බව පොලිස් පරික්ෂණවලදි අනාවරණය වී තිබෙනවා.

සැකකරු 38 හැවිරිදි වියේ පසුවන අහංගම ගුරුල්ලවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු විසින් මීට වසර 03කට පමණ ඉහතදි පොඩිලැසී නැමැත්තාට නවාතැන් පහසුකම් ලබා දි ඇති බව විමර්ශනවල දි අනාවරණය වී තිබෙනවා.

එමෙන්ම පොඩිලැසී විසින් මෙකී සැකකරුගේ බැංකු ගිණුමට රුපියල් ලක්ෂ 80ක මුදලක් තැන්පත් කොට ඇති බවට අනාවරණය වී ඇති බවද විශේෂ
කාර්ය බලකායේ මෙහෙයුම් ඒකකය සඳහන් කළා.

සැකකරු විසින් ඉන් රුපියල් ලක්ෂ 50ක මුදලක් වැයකොට අහංගම ප්‍රදේශයේ විලා එකක් ඉදිකොට ඇති අතර තවත් ලක්ෂ 30ක මුදලක් බැංකු ගිණුමේ තිබී  ඇති බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ ලක්ෂ එකහමාරක මුදලක් තිබී ඇත.

බැංකු ගිණුමේ ඇති රුපියල් ලක්ෂ 30ක මුදල ලබාදෙන බවත් තමන් නිදහස් කරණ ලෙස සැකකරු විසින් විශේෂ කාර්ය බලකා නිලධාරින්ගෙන් ඉල්ලිමක්
කොට ඇති බවද විශේෂ කාර්යබලකායේ විශේෂ මෙහෙයුම් ඒකකය පවසනවා.