Wednesday, May 15, 2024

General line - 0115112241

මන්දකට හසු වි සිටියදි මුදවාගත් කදුකර කොටියා මියයයි




බෝපත්තලාව රජයේ සත්ව ගොවිපොල තුල ඉකුත් 24 දින මන්දකට හසු වි සිටියදි මුදවාගත් කදුකර කොටියා රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි අද (31) දින මිය ගිය බව වනජිවි දෙපාර්තුමේන්තුවේ පශු වෛද්‍ය අධ්‍යක්ෂක තාරක ප්‍රසාද් ප්‍රකාශ කර සිටිනවා,

මන්දට හසු වි කදුකර කොටියාගේ උදරය ප්‍රදේශයට දැඩි ලෙස තුවාල සිදු වි තිබිම නිසා කදුකර කොටියා මිය ගිය බවයි වනජිවි පශු වෛද්‍ය අධ්‍යක්ෂකවරයා කියා සිටියේ.

අවු10 පමණ වයසැති අඩි 8 පමණ දිගකින් යුත් හොදින් වැඩුණු කදුකර කොටියා පිරිමි සතෙකු වන අතර, බෝපත්තලාව මැණික්පාලම ප්‍රදේශයේ රක්ෂිතයේ දඩයම්කරුවන් විසින් අටවා තිබු මන්දකට හසු වු කොටියා මන්ද සවි කර තිබු මුගුරද සමග කඩාගෙනවිත් බෝපත්තලාව රජයේ සත්ව ගොවිපොල ආසන්නයේ වැටි සිටියදි රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ වෛද්‍ය අකලංක පිණිදෙණිය ඇතුළු වනජිවි නිලධාරින් මන්දට හසු වි සිටි කොටියා නිර්වින්දනය කර දැඩි පරිශ්‍රමයක් දරා මුදාගෙන රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහල වෙත රැගෙන ගොස් කොටියා බේරා ගැනිමට ප්‍රතිකාර ලබාදෙමින් දැඩි උත්සහයක නිරත වි සිටියදි කදුකර කොටියා මියගොස් ඇත.

මිය ගිය කදුකර කොටියා මන්දට හසු වු ප්‍රදේශයේ සහ රක්ෂිතය තුල දඩයම්කරුවන් විසින් අටවා තිබු මදු විශාල ප්‍රමාණයක් ගලවා ඉවත් කිරිමට නුවරඑලිය වනජිවි කාර්යාලයේ නිලධාරින් සහ බෝපත්තලාව රජයේ සත්ව ගොවිපලේ සේවකයින් පසුගිය දා කටයුතු කර තිබුණා.