Friday, May 10, 2024

General line - 0115112241

පොල්තෙල් වලින් පසු පොල් ගැනත් අනාවරණයක්




විෂ පොල්තෙල් සම්බන්ධයෙන් රටපුරා දැඩි කතා බහක් මතුව ඇති සමයක මෙරට පොල් හිඟයට හා පොල්තෙල් නිෂ්පාදනයට සෘජු ලෙස බලපා ඇති ප්‍රධාන ගැටලුවක් පිළිබඳ සමස්ත ලංකා ගොවිජන සම්මේලනය විශේෂ අනාවරණයක් සිදු කළා. එහි කැඳවුම්කරු නාමල් කරුණාරත්න පවසන්නේ පොල් ගස් මේ දක්වා ගස් හෙළීමේ පනතට ඇතුළත් කර නොමැති බවයි.

මෙරට පොල් අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා වසරකට අවශ්‍ය පොල් ගෙඩි ප්‍රමාණය මිලියන 3,700ක්. මේ වනවිට මෙරට වාර්ෂික පොල් නිෂ්පාදනය මිලියන 2,400ත් 2,500ත් අතර අගයක් වනවා. මීට ප්‍රධාන හේතුව කිසිදු අවසරයක් නොමැතිව පොල් ගස් කපා දැමීම බවයි ගාවිජන සම්මේලනය කැඳවුම්කරු නාමල් කරුණාරත්න පැවසුවේ.

මෙම ගැටලුව හේතුවෙන් පොල් මෙන්ම පොල් ආශ්‍රිත නිෂ්පාදන ද මේ වනවිට ආනයනය කිරීමට සිදුව ඇති බවයි ඔහු පැවසුවේ. 

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ විෂ පොල්තෙල් රටට ගෙන්වීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදු කළ යුතු බවයි. 

විපක්ෂය එල්ල කරන මෙම චෝදනාවට අමාත්‍ය උදය ගම්මන්පිල අද උදෑසන  06යි 25 නෙත් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට අදහස් දක්වමින් දැක්වුයේ මෙවන් අදහසක්.

අමාත්‍ය උදය ගම්මන්පිල වැඩිදුරටත් කියා සිටියේ වෙළදපොල තුළ පවත්න පොල්තෙල් සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කරන බවයි. 

මිනිස් පරිභෝජනයට නොසුදුසු බවට සැකකෙරෙන පොල්තෙල් සම්බන්ධයෙන් නවතම සිද්ධිය වාර්තාවුයේ දඹුල්ල ප්‍රදේශයෙන්. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ එහි සම්පල සම්බන්ධයෙන් වාර්තාව ලැබීමෙන් පසු ඉදිරි පියවර ගන්නා බවයි.