Tuesday, May 7, 2024

General line - 0115112241

ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවා යළි ඇරඹීමට එකඟතාවයක්




ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවා මෙහෙයුම් යළි ආරම්භ කිරීමට එකඟතාව පළව තිබෙනවා. ඒ, සංචාරක අමාත්‍යාංශය සහ ඊශ්‍රායල තානාපති නිලධාරීන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. ඒ අනුව දෙරට අතර සෘජු ගුවන් සේවා මැයි මස සිට ආරම්භ කෙරෙන අතර ඊශ්‍රායලයේ සංචාරකයින් 2,000 ත් 5,000 ත් අතර සංඛ්‍යාවක් මෙරට සංචාරය කරනු ඇති බවයි සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේ. කොරෝනා වසංගත තත්ත්වය ආරම්භ වීමට පෙර ගුවන් සමාගම් 35 ක් ශ්‍රී ලංකාව සමග සෘජු ගුවන් ගමන් සේවා පවත්වාගෙන ගොස් තිබුණා. 
එන්නත්කරණ වැඩපිළිවෙලත් සමග සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් සංචාරක ව්‍යාපාරය නැවත නගා සිටුවීම සඳහා රටවල් රැසක් කටයුතු කරමින් සිටිනවා. ශ්‍රී ලංකාව ද ඒ අනුව යමින් සෞඛ්‍ය උපදෙස් අනුව සිය සංචාරක ඉලක්ක සපුරා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කළේ.