Saturday, May 18, 2024

General line - 0115112241

විදුලි වෘත්තීය සමිති කොළඹදී විරෝධතාවයක




විදුලි වෘත්තීය සමිති විසින් සියළු විදුලි සේවකයින් අද කොළඹට කැඳවා තිබෙනවා. ඒ, ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් කොළඹ විදුලිබල මූලස්ථානය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවක් සඳහායි. අසනීප නිවාඩු වාර්තා කරමින් විදුලි සේවකයින් මෙම විරෝධතාවට එක්වන බවයි ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කළේ. මේ, එහි ප්‍රධාන කැඳවුම්කරු රන්ජන් ජයලාල්.

සිය ඉල්ලීම්වලට බලධාරීන් ප්‍රතිචාර නොදක්වන්නේ නම් එක්දින වැඩ වර්ජනය සඳහා දින නියම කරන බවද ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් වැඩිදුරටත් සදහන් කළා.
විදුලි සේවකයින්ගේ මෙම ඉල්ලීම් සම්බන්ධයෙන්ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත්ගෙන් ද නෙත් නිවුස් කරුණු විමසීමක් කළා. ඔහු කියා සිටියේ වැටුප් සියයට 25 කින් වැඩි කිරීමට අනුමත කර ඇති පසුබිමක විදුලි සේවකයින්ගේ එම ඉල්ලීම් සාධාරණ නොවන බවයි.