Saturday, May 18, 2024

General line - 0115112241

ෆොන්සේකා - චමල් මැතිසබයේදී උණුසුම් වචන හුවමාරුවක (VIDEO)




පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ අමාත්‍ය චමල් රාජපක්‍ෂ අතර අද පාර්ලිමේන්තුවේදී උණුසුම් වචන හුවමාරුවක් සිදුවුණා. ඒ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධුරය අහෝසිවීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී ඇති වූ සංවාදයක් අතරතුරයි. 

ඒ සම්බන්ධයෙන් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සභාවේදී කරුණු දක්වමින් කියාසිටියේ රන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීම දේශපාලනික තීන්දුවක් බවයි. සභා නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ද අදහස් දැක්වූ අතර එහිදී ඇති වූයේ මෙවන් සංවාදයක්.

ඉන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අදහස් පළ කළ අතර ඔහුගේ චෝදනාවලට අමාත්‍ය චමල් රාජපක්‍ෂ ප්‍රතිචාර දැක්වීමේදී ඇති වූයේ මෙවන් උණුසුම් තත්ත්වයක්.

මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ තීරණයට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තු සභා ගර්භයේදී විරෝධතාවක නිරත වූ බවයි නෙත් නිවුස් පාර්ලිමේන්තු වාර්තාකරු පැවසුවේ. එම විරෝධතාවට එක්වූ මන්ත්‍රීවරුන් කළුපටි පැළද විරෝධතා පුවරු ප්‍රදර්ශනය කළ බවද නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සදහන් කළා.