Thursday, May 16, 2024

General line - 0115112241

රුපියල් 5,000 දීමනාව ගත හැකි කොන්දේසී ප්‍රකාශයට




එළඹෙන අලුත් අවුරුදු සමය වෙනුවෙන් අඩු ආදායම් ලාභීන්ට රුපියල් 5,000ක දීමනාව ලබා දීමට අදාල විශේෂ චක්‍රලේඛය අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් මේ වන විට ප්‍රකාශයට පක් කර තිබෙනවා. ඒ අනුව රටේ පැවති හා පවතින කොවිඩ් ව්‍යසනකාරී තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ පවුල්වලට ඔවුන්ට ලැබෙන මාසික දීමනාවට අමතරව එක් වරක් පමණක් රුපියල් 5,000ක දීමනාවක් ගෙවිමටයි රජය තීරණය කර ඇත්තේ. ඒ අනුව අවසන් වරට රුපියල් 5,000 දීමනාව ගෙවූ පවුල් කාණ්ඩ 10ක් අතරින් පවුල් කාණ්ඩ 07කට පමණක් මෙම ප්‍රතිලාභය හිමිවනු ඇති.

ඒ අනුව සමෘද්ධිලාභී පවුල්, අඩු ආදායම්ලාභී පවුල්, වැඩිහිටි දීමනාව ලබන පවුල්, ආබාධිත දීමනාව ලබන පවුල්, වකුගඩු දීමනාව ලබන පවුල්, සියවස් පූර්ණ වැඩිහිටි දීමනාව ලබන පවුල් සඳහා පමණක් මෙම රුපියල් 5,000 දීමනාව ලබා දීමටයි තීරණය කර ඇත්තේ. අභියාචනා ඉදිරිපත් කර සුදුසුකම් ලැබූ පවුල් සඳහාද මෙම දීමනාව ලබා දෙනු ඇති කෙසේවෙතත් අභියාචනා ඉදිරිපත් කර ප්‍රතිලාභ ලැබීමට සුදුසු වන්නේ ඉහත සඳහන් පළමු පවුල් ඛාණ්ඩ 06ට පමණක් බවද රජය පවසනවා.

මෙම පන්දහසේ දිමනාව ලබා දීමට රජය තීරණය කළේ ඊයේ දිනයේයි. ඒ අනුව එක් දිනක් තුල ප්‍රතිලාභය ලබන පුද්ගලයින් හදුනා ගත හැකිද? මේ සමෘද්ධි හා ගෘහ ආර්ථික රාජ්‍ය ආමත්‍ය ශෙහාන් සේමසිංහ.

මීට පෙර රුපියල් 5,000 දීමනාව ලබා දුන් අවස්ථාවේදී විවිධ ගැටලු වාර්තා වූ අවස්ථා නෙත් නිවුස් මගින් රටට හෙලි කළා. මෙවර එම ගැටලු අවම කර ගැනිීමට ගෙන ඇති පියවර මොනවාදැයි නෙත් නිවුස් මෙහිදි ප්‍රශ්ණ කළා.

හෙට දිනය රජයේ නිවාඩු දිනයක් බැවින් මෙම 5,000 දීමනාව ලබා ගැනීමේදී ජනතාවට ගැටලුවක් ඇති නොවන්නේදැයි නෙත් නිවුස් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහගෙන් විමසීමක් කළා.

මෙම දීමනාව ගෙවීමේදී ප්‍රතිලාභීන් සිටින පවුලකට එක් රුපියල් 5,000ක් පමණක් ලැබෙන පරිදි ගෙවිය යුතු බවටයි රජය දැනුම් දී ඇත්තේ. ඒ අනුව යම් පවුලක සමෘද්ධි හිමිකම ලබන හා වැඩිහිටි දීමනාව ලැබීමට සුදුසුකම් ලබන පූද්ගලයෙක් වේ නම් එම පවුලට ගෙවිය යුතු වන්නේ එක් රුපියල් 5,000ක් පමණයි.