Thursday, May 16, 2024

General line - 0115112241

මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂකවරයා දිවි ගමනට සමුදෙයි 




මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා අද උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

වෛද්‍ය වසන්ත දිසානායක මහතා හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් දින කිහිපයක සිට ශ්‍රී ජයවර්ධන රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගිය බව පවුලේ ඥාතීන් පවසන්නේ.

මියයන විට ඒ මහතා 58 වියේ පසුවුවා.

වෛද්‍ය වසන්ත දිසානායක ගේ දේහය පන්නිපිටිය, සෙත්සිරි පෙදෙස පිහිටි නිවසේ තැන්පත් කර තැබීමට නියමිත අතර, අවසන් කටයුතු ලබන 13 වැනිදා පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබෙනවා.