කඩවත සිට මාතර දක්වා දිවෙන දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරනු ලැබූ මෝටර් රථයක ගමන් කළ තරුණයින් පිරිසකගේ නොසැලකිලිමත් හැසිරීමක් සම්බන්ධයෙන් වන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලවල හුවමාරු වෙමින් පවතිනවා.
ඊයේ දිනයේදී මෙම සිදුවීම වාර්තා වී ඇති අතර මෙම තරුණයින් පිරිස අධිවේගී මාර්ගයක ගමන් කල නැති පිරිසක් මෙන් මේ පිරිස කටයුතු කලේ අනික් අයගේ ජීවිත ගැනද නොසලකාය.
තර්‍රුණයන් 5 දෙනෙකු ගමන් කල මෙම රථය වේගයෙන් ගමන් කල අතර මොවුන් වරින් වර තම රථයේ දොර කවුලු වලින් එලියට හිස දමමින් ඉතා අපරික්ෂාරී ලෙස කටයුතු කරන අයුරු දක්නට ලැබුණා.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.