Monday, May 20, 2024

General line - 0115112241

නුවරඑළිය - තලවකැලේ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනය සීමා කෙරේ

රංජිත් රාජපක්ෂ - හැටන් 




නුවරඑළිය ඩෙස්පොඩ් හරහා ඇති, තලවකැලේ ප්‍රධාන මාර්ගයේ කොටසක් හදිසියේ ගිලා බැසීමත් සමග නායයාමේ අවදානමක් මතුව තිබෙනවා. එලෙස ගිලාබැස ඇත්තේ එම මාර්ගයේ 104 සහ 105 සැතපුම් කණු අතර කොටසයි.

නානුඔය ප්‍රදේශයට ඇද හැලුණු වර්ෂාවත් සමග එම ස්ථානයේ කොටසක් නායයාමේ අවදානමක පවතින බවයි නුවරඑළිය ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකොන් පැවසූවේ. ඒ හේතුවෙන් එම ස්ථානයේ රථ වාහන ගමනාගමනය එක් මංතීරුවකට සීමා කිරීමට ද නානුඔය පොලීසිය පියවරගෙන පියවර ගෙන තිබෙනවා.

තලවකැලේ නුවරඑළිය ඩෙස්පොඩ් හරහා නුවරඑළිය ප්‍රධාන මාර්ගය මේ දිනවල සංවර්ධනය කරමින් පවතින අතර එසේ සංවර්ධනය කරන ලද කොටසක මෙම නායයෑමේ අවදානම මතුව තිබෙනවා.