Wednesday, May 15, 2024

General line - 0115112241

බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකින් 925 දෙනෙකු අත්අඩංගුවට




බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ මෙහෙයුමක දී විවිධ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 925 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අතරින් අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන් 40 දෙනෙකු, අත්අඩංගුවට ගෙන ඇති අතර වරෙන්තුකරුවන් 306 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති බවයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පැවසුවේ.

දුෂණ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 518 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ උදෑසන 10.00 සිට පස්වරු 5.00 දක්වා මෙම විශේෂ මෙහෙයුම සිදු කෙරුණා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.