Thursday, May 16, 2024

General line - 0115112241

පිටකොටුව කාර්ය බහුලත්වයෙන් මිදෙයි




අලුත් අවුරුද්ද ලංවත්ම අතිශය කාර්ය බහුල වන පිටකොටුවේ අද එතරම් කාර්ය බහුලත්වයක් නොමැති තත්ත්වයක් නෙත් නිවුස් කළ සංචාරයකදී දැක ගත හැකිවුණා.

සාමාන්‍යයෙන් අවුරුද්දට පෙර, එනම් 12 වනදා ගම්බිම් බලා යන ජනතාවගෙන් පිටකොටුව පිරී ඉතිරී යාම සුලභ දසුනක්.

ඒ අනුව අදත් නෙත් නිවුස් කණ්ඩායම පිටකොටුවේ තත්ත්වය සොයා බැලීමට අද පෙරවරුවේ එහි සංචාරයක නිරත වුණා.

එහිදී දැකගත හැකි වුණේ ප්‍රමාණවත් බස් රථ සේවා තිබුණද ඒවායේ ගමන් කිරීමට ජනතාව එතරම් නොමැති ආකාරයයි.

පිටකොටුවේ තත්ත්වය පිළිබඳ දැනගැනීමට අප දැන් සම්බන්ධ කරගන්නවා නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකරු සජිත් තිලකරත්න.

මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ හෙට සහ අනිද්දා යන දින දෙක තුළ කාර්යාල දුම්රිය ඇතුළු මගී දුම්රිය ගමන්වාර 30කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කර ඇති බවයි.