Wednesday, May 15, 2024

General line - 0115112241

අවුරුද්දට පෙර 5,000 බෙදා අවසන් කරන්න බැරිවෙන ලකුණු




එළඹෙන අලුත් අවුරුදු සමය වෙනුවෙන් අඩුආදායම්ලාභීන්ට ලබා දෙන රුපියල් 5,000සේ දීමනාව ලබා දීම අද උදෑසන ආරම්භ වුණා.

දිවයින පුරා පිහිටි සමෘද්ධි බැංකු කේන්ද්‍ර කර ගනිමින් මෙම දීමනාව ලබාදීමේ කටයුතු මේ මේවන විට සිදු කරමින් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.

එහෙත් ඇතැම් ස්ථානවල රුපියල් 5,000සේ දීමනාව ලබා දීම සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයන්ද මතුව තිබුණා. දීමනාව ලබා දීමට අවශ්‍ය මුදල් ලබා ගැනීමට ප්‍රමාද වීම එක් ගැටලුවක්.

එමෙන්ම දීමනාව ලබාදීමට අවශ්‍ය ප්‍රධාන වෘත්තිය සමිති කිහිපයක් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹ සිටීමද තවත් ගැටලුවක් වනවා.

මෙම චෝදනාව සම්බන්ධයෙන් සමෘද්ධි හා ගෘහ ආර්ථික රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහගෙන් නෙත් නිවුස් විමසීමක් කළා.

ඔහු කියා සිටියේ අලුත් අවුරුද්දෙන් පසුව හෝ මෙම දීමනාව ලබාදී අවසන් කරන බවයි.

මේ අතර ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා රජය විසින් මාසිකව ලබාදෙන රුපියල් 2,000ක වැඩිහිටි දීමනාව ලබාගැනිමට අද උදෑසන තැපැල් කාර්යාල ඉදිරිපිට රැස්වූ හැටන්, බගවන්තලාව ඇතුළු වතුකරයේ බොහෝ පිරිසකට හිස් අතින් යාමට සිදුව තිබෙනවා.

සෑම මසකම 10 වන දින සිට 15 වන දින දක්වා අදාළ දීමනාව ගෙවනු ලබන්නේ තැපැල් කාර්යාලවලින්.

එහෙත් එළඹෙන අලුත් අවුරුද්ද නිමිත්තෙන් රජය විසින් අද දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට කර තිබීම හේතුවෙන් ඒ බව නොදැන අද දිනයේ විශාල පිරිසක් මෙලෙස අදාළ දීමනාව ලබාගැනීමට තැපැල් කාර්යාල ඉදිරිපිටට පැමිණ තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.