Thursday, May 16, 2024

General line - 0115112241

අවුරුදු සමය නිසා විශාල පිරිසක් හැටන් නගරයට




එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිතෙන් නිවසට අත්‍යවශ්‍යය ආහාර ද්‍රව්‍යය ඇතුළු රෙදි පිලි මිල දි ගැනිමට හැටන් නගරයට (12) දින විශාල පිරිසක් පැමිණ තිබෙනවා.

නගරයට පිවිසෙන පාරිභෝගිකයන් වෙනුවෙන් ලංගම සහ පෞද්ගලික බස් රථ ගණනාවක් ධාවනයට එක් කර ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ නගරයට පිවිසෙන පාරිභෝගිකයන් වෙනුවෙන් හැටන් පොලිසිය විශේෂ ආරක්ෂාවක් දියත් කර තිබුණා.

හැටන් සතොස ශාඛාවේ ආහාර ද්‍රව්‍යය මිල දි ගැනිමට විශාල පරිභෝගිකයින් පිරිසක් පැමිණ සිටි අතර, පාරිභෝගිකයන්ගේ ඉල්ලුම පරිදි සැපයුමක් ලබාදිමට හැටන් සතොස ශාඛාවේ නිලධාරින් කටයුතු කර තිබුණා.