Tuesday, May 14, 2024

General line - 0115112241

විදෙස්ගතව පැමිණ නොමිලේ නිරෝධායනය වන පළමු කණ්ඩායම දිවයිනට

ටී කේ ජී කපිල




විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී, රැකියා සඳහා විදෙස් ගතවූ ශ්‍රමිකයන් යළි මෙරටට පැමිණි පසු නොමිලේ නිරෝධායන ක්‍රියාවලිය සදහා යොමු කිරීම ඊයේ සිට ආරම්භ කෙරුණා. ඒ අනුව එලෙස නොමිලේ නිරෝධායනය වන පළමු කණ්ඩායම ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණ තිබෙනවා.

නෙත් නිවුස් ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ කුවේටයේ රැඳී සිටි 149 දෙනෙකුගෙන් යුත් පිරිසක් එලෙස දිවයිනට පැමිණි බවයි. එලෙස නොමිලේ නිරෝධායනය වන පිරිස් වෙනුවෙන් සංචාරක හෝටල් කාමර 600 ක් වෙන් කර තිබෙනවා. නොමිලේ නිරෝධායන පහසුකම් හිමිවන පළමු කණ්ඩායම එම කටයුතු සඳහා යොමුකර ඇත්තේ වැලිගම ප්‍රදේශයේ හෝටලයකටයි.