Sunday, May 12, 2024

General line - 0115112241

අධිවේගයේ වැඩ දැමූ තරුණයින් සිව්දෙනා රිමාන්ඩ්




දක්ෂිණ අධිවේගී මාර්ගයේදී අන්තරාදායක ලෙස මෝටර් රථයක් ධාවනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු තරුණයින් සිව්දෙනා ලබන 22 වනදා දක්වා අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පොලිස් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු ද ඊයේ අත්අඩංගුවට ගැනුණු අතර ඔහු ද ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. මේ අතර උත්සව සමයේදී ගමන්බිමන් යාම සඳහා අධිවේගී මාර්ගය භාවිත කරන්නේ නම් මාර්ග රීතිවලට අනුකූලව කටයුතු කරන ලෙසයි ජනතාවගෙන් මෙහිදී ඉල්ලීමක් කෙරුණේ.

මේ අතර සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් අද අත්අඩංගුවට ගැනුණා. කොම්පඤ්ඤවීදිය පොලීසිය විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කර තිබූ වරෙන්තුවකට අනුව ඔහු අත්අඩංගුවට ගැනුණු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.