Sunday, May 19, 2024

General line - 0115112241

හිටපු ඇමති වජිරගෙන් ආණ්ඩුවට චෝදනාවක්




හිටපු අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි 2001 සහ 2015 බලයට පැමිණි ආණ්ඩු රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතා ඇතුලු ඔවුන් මුහුණ පා සිටින අනෙකුත් ගැටලු විසඳීමට ක්‍රියා කළද, වත්මන් ආණ්ඩුවට පසුගිය පාලන සමයේ වැඩිකළ වැටුපවත් ලබාදීමට නොහැකිවී ඇති බව එක්සත් ජාතික පක්ෂ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන ප්‍රකාශ කරනවා.

රටේ අනෙකුත් අර්බුධ මෙන්ම විශ්‍රාමිකයින්ද දැඩි අර්බුධයකට මුහුණ පා සිටින බව පෙන්වා දෙන ඒ මහතා රජය වහාම විශ්‍රාමිකයින්ගේ ගැටලු විසඳීමට පියවර ගත යුතු බව අවධාරණය කරනවා.

වජිර අබේවර්ධන මෙම අදහස් පළ කළේ රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයින් පිරිසක් සමග (16) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති සාකච්ඡාවකදීය.