Sunday, May 19, 2024

General line - 0115112241

කතරගම පුදබිම ද අදත් බැතිමතුන්ගෙන් පිරීයයි




අලුත් අවුරුදු නිවාඩුව වෙනුවෙන් විනෝද චාරිකා සහ වන්දනා ගමන් බිමන් යන ජනතාව සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි ක්‍රියාත්මක කළ යුතු බව බලධාරීන් යළි අවධාරණය කරනවා.

නුවරඑළිය, කතරගම පුදබිම වැනි ස්ථාන අද දිනයේත් සංචාරකයින්ගෙන් පිරී පවතින බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.

එලෙස පැමිණෙන ඇතැම් පිරිස් මුව ආවරණ නිසි පරිදි පැළඳ නොසිටින බව ද නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවා.

නුවරඑළිය පුරවරයට පැමිණෙන සංචාරකයින්ට සෞඛ්‍ය උපදෙස් නිසි අයුරින් පිළිපදින ලෙස නිරන්තරයෙන් දැනුවත් කෙරෙන බවයි නුවරඑළිය නගරාධිපති චන්දනලාල් කරුණාරත්න පැවසුවේ.

කතරගම පුදබිම ද අදත් බැතිමතුන්ගෙන් පිරී පවතින අතර කතරගම පූජාභූමිය සහ අවට ප්‍රදේශවල රථවාහන තදබදයක් ද පවතින බවයි නෙත් නිවුස් වාර්තාකරු එම් කේ නන්දසේන පැවසුවේ.

දඹුල්ල, සීගිරිය වැනි ප්‍රදේශවලට පැමිණෙන ඇතැම් සංචාරකයින් ද සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකමින් කටයුතු කරන බව නෙත් නිවුස් වාර්තාකරු කාංචන කුමාර ආරියදාස පැවසුවා.