Sunday, May 19, 2024

General line - 0115112241

වරාය නගර ආර්ථික කොමිෂන් පනත් කෙටුම්පත රටේ පොදු නීතියට යටත් බව රජය කියයි




කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පත  මෙරට ආර්ථිකයේ හැරවුම් ලක්ෂයක් වනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා. එම පනත් කෙටුම්පත මගින් යෝජනා කර ඇත්තේ වරාය නගරයේ ආයෝජන දිරි ගැන්වීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

කොළඹ වරාය නගරය තුළ සියළුම කටයුතු සිදු වන්නේ මෙරට නීතියට යටත්ව බව ද රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මෙම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මෙම පනත් කෙටුම්පත මගින් වරාය නගරය චීන කොළණියක් වනු ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ සිදු කළ ප්‍රකාශයට ද රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මෙහිදී පිළිතුරු ලබාදුන්නා.